පාපන්දු නිලවරණය දින 69 ක් තුළ පවත්වන්න අමාත්‍යාංශය එකඟවෙලා – නීතිපති දැනුම් දෙයි

79

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය ඊයේ දින (20-) සිට උපරිම දින 69ක කාලයක් තුළදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ඇති ව්‍යවස්ථාව යටතේ පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය එකඟවී ඇතැයි නීතිපතිවරයා ඊයේ (20දා) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

පසුගිය 11 වැනිදා අධිකරණය විසින් කරන ලද නියෝගය අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයකු අධිකරණය හමුවේ පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා එම එකඟතාව අධිකරණයට දැනුම් දුන්නේය.

කෙසේ නමුත් පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ දිමුත-ු කළුආරච්චි මහත්මියගේ උපදෙස් මත නීතිඥ ධමින්ද විජේරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉරාජ් ද සිල්වා මහතා කරුණු දක්වමින් කඩිනමින් එම නිලවරණය නොපැවැත්වුවහොත් ලෝක පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට පාපන්දු ක්‍රීඩා තහනමක් පැනවීමේ අනතුර මතුවී ඇති බැවින් සිය සේවාදායකයන් සමග එම එකඟතාව සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණය දැනුම් දීමට දින ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව එම නඩුව ලබන 26 වැනිදා යළි කැඳවීමට විනිසුරු මඬුල්ල නියෝග කළේය. පාපන්දු සම්මේලනයේ සභාපති ජෂ්වර් උමර් සහ හිටපු ලේකම් උපාලි හේවගේ එම පෙත්සම ගොනු කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment