හිතාමතා දුර්වල වූ බවට නඟන චෝදනා ප‍්‍රතික්ෂේප කරනවා – ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනයකින් කියයි

352

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් කිහිපදෙනකු දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැති පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේදි ඕනෑකමින් දුර්වල ක‍්‍රීඩා විලාසයක නිරත වූ බවට ඇතැම් පාර්ශ්ව න`ගන චෝදනා සම්පූර්ණයෙන් ප‍්‍රතික්ෂේප කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

 එවැනි ක‍්‍රීඩකයන් සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකාරිත්වයෙන් කිසිදු පැමිණිල්ලක් මේ වන තෙක් ලැබී නැති බවත් පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම් වන මෙම අවස්ථාවේ ඇතැම් පාර්ශ්ව අසත්‍ය ප‍්‍රකාශ කරන්නට යෑමෙන් කණ්ඩායම තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇතිවීමට හේතුවන බවත් එම නිවේදනයේ දැක්වේ.

 දකුණු අප‍්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලිය ජයග‍්‍රහණය කළේ ද මෙම කණ්ඩායම බවත් එමගින් සුපර්ලීග් ප‍්‍රසාද ලකුණු සටහනේ ඉහළ ස්ථානයකට පැමිණීමට ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට හැකිවූ බවත් ක‍්‍රිකට් ආයතනය පෙන්වා දෙයි.

නිවැරදි කිරීමයි
 

 ‘‘කුසල් පෙරේරාගේ ආබාධය බරපතළ නෑ’’ හිසින් ‘දිවයින’ ක‍්‍රීඩා පිටුවේ ඊයේ (16 දා) පළ වූ පුවතට අදාළ ප‍්‍රවෘත්ති මූලාශ‍්‍රය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරන ලදැයි සඳහන් වූයේ ප‍්‍රමාදදෝෂයකිනි. ‘ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරයි’ යන්න ‘ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි’ යනුවෙන් නිවැරදි විය යුතුයි. එවැනි නිවේදනයක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිකුත් කර නැති බව ද ක‍්‍රි‍්‍රකට් ආයතනය සඳහන් කර සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment