අපි කාටද ඡන්දය දෙන්නේ කියලා හදිසි තීරණ ගන්නේ නෑ – අනුරාධපුරයේ හිටපු ප්‍රා. සභාපතිවරු, විපක්‍ෂ නායකවරු සංගමයක් පිහිටුවාගනිමින් කියති

24

එක්සත් ජාතික පක්ෂයෙන් “අ” යන්න ඉගෙන ගත්ත අය වෙනස් වෙලා ඉන්නවා නම් විවිධ මත වල ඉන්නවා නම්, ඒ උදවිය එකට එකතු වෙනවා නම් අපි කැමතියි යැයි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, විපක්ෂ නායකවරුන් සංගමයක් පිහිටුවමින් මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හිටපු පළාත් පාලන නියෝජිතයන් 10 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූහ. ඔවුන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, විපක්ෂ නායකවරුන් ලෙස කටයුතු කළ අතර, පසුගිය කාළයේ ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, සමඟි ජනබලවේගය වෙනුවෙන් දේශපාලන කටයුතුවල නිතර වූ අතර, ඔවුන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, විපක්ෂ නායකවරුන් සංගමයක් මෙලෙස පිහිටුවා ගනු ලැබීය. මේ සඳහා තවත් පිරිසක් සහභාගි වීමට නියමිත බවද ඔවුන් එහිදී පැවසීය.

පදවිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එම්. ඒ. ශාන්ත මහතා එම මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේ,

අපි ජනාධිපතිවරණයේදී කාටද සහය දක්වන්නේ කියලා හදිසි තීන්දුවක් අරගෙන මාධ්‍යයට ප්‍රකාශ කරන්න කලබල වෙන්නේ නෑ, අවසාන මොහොතේ දේශපාලන තීන්දු තීරණ ජනතාව පුදුමාකාර විදිහට ගන්නේ, මේකේ රැළි වෙනස් වෙන්න පුළුවන්, මීට මාස 04 /05 කට තිබුණ තත්ත්වය නෙමෙයි දැන් ගමේ තියෙන්නේ, ජනතාව කොතනද ඉන්නේ කියලා අද කථා කළාට, හෙට ජනතාව වෙනස් වෙනවා යැයි පැවසීය.

අපේ පක්ෂයේ සියලු දෙනාම එකතු වෙනවා නම් අපි මුළු හදවතින්ම ඒ ප්‍රාර්ථනාව කරනවා වගේම බලාපොරොත්තු වෙනවා. මේ දෙගොල්ල එකතු වෙනවා නම් අපි සියලු දෙනාගේ ආශිර්වාදය නිරන්තරයෙන් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයෙන් “අ” යන්න ඉගෙන ගත්ත අය වෙනස් වෙලා ඉන්නවා නම් විවිධ මතවල ඉන්නවා නම්, ඒ උදවිය එකට එකතු වෙනවා නම් අපි කැමතියි යැයි පැවසීය.

එහිදී අදහස් දැක්වූ කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජේ. තිලකරත්න මහතා,

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසත්, එම මැතිවරණය කවදා කොහොම පැවැත්වූවත් තමන් ජයග්‍රහණය කරන බවද, ජනාධිපතිවරණයකදී ජනතා විමුක්ති පෙරමුණට කිසිසේතම තම සංගමයේ සහය ලබා නොදෙන බවද පැවසීය.

තලාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති සරත් දිසානායක මහතාද එහිදී අදහස් දැක්වීය.

අනුරාධපුර – පර්සි කුරුනේරු, තිසර සමල් – එප්පාවල

advertistmentadvertistment
advertistmentadvertistment