උතුරේ නැවත පදිංචියට පවුල් 197 කට ජනපති අතින් ඔප්පු හා මුදල්

70

උතුරේ නැවත පදිංචි කෙරෙන පවුල් 197 ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය සහ රුපියල් 38,000 බැගින් වූ චෙක්පත් ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා (11 දා) සිදුකෙරිණි.

සිවිල් යුද සමයේ ආරක්‍ෂක අංශ භාවිතයේ පැවැති උතුරේ ඉඩම්, නැවත මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාවට නංවා ඇති වැඩසටහන යටතේ මෙම ඉඩම් නිදහස් කිරීම සිදුකර තිබේ.

සංකේතාත්මකව කිහිපදෙනකු වෙත ඉඩම් ඔප්පු සහ චෙක්පත් ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි. වසර 33 ක් අවතැන්ව සිටි මෙම පිරිස තම ඉඩම් නිදහස් කරදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තුතිය පුද කළහ. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, උතුරු පළාත් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් එම්. ඉලංගෝවන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment