තිරිඟුපිටි හිඟයෙන් බේකරි 2000 ක් වැහිලා: ලක්‍ෂ 2 ක් අනාථයි

95

තිරිඟුපිටි හිඟයත් සමග බේකරි 2000 කට අධික ප්‍රමාණයක් වැසී යෑමෙන් ලක්‍ෂ 2 කට අධික සේවක පිරිසකගේ රැකියා අහිමි වී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා “දිවයින”ට පැවසීය.

මෙම තත්ත්වය නිසා රට තුළ පාන් හිඟයක් නිර්මාණය වී ඇතැයි ද හෙතෙම කීය. මෙහිදී තවදුරටත් කතා කළ ජයවර්ධන මහතා මෙසේද කියා සිටියේය.

රට පුරා තිරිඟුපිටි හිඟයක් තියෙනවා හේතුව ඩොලර් නැතිකම. මේ තත්ත්වය තුළ බේකරි කර්මාන්තය කඩා වැටීමකට ලක් වෙලා. රටපුරා බේකරි 7000ක් තියෙනවා. එයින් 2000 කටත් වැඩි සංඛ්‍යාවක් දැනටමත් වැහිලා. මේ රස්සාවෙන් ජීවත් වුණු විශාල පිරිසක් අද අන්ත අසරණ වෙලා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment