අනියම් බිරිය පොළොවේ ගසා ඝාතනය කළ ‘රම්බෝ’ පෝරකයට

616

සිය අනියම් බිරිඳට කොස්සකින් සහ අතින් පයින් පහරදී, ඔසවා පොළොවේ ගසා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ විත්තිකරුවකු, වරදකරු කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් එම්. අබේරත්න මහතා විසින් පෙරේදා (11 දා) මරණ දඬුවම නියම කළේය.

පයාගල, හල්කඳවිල, සිංහගම ප්‍රදේශයේ පදිංචි වර්ණසූරිය නෙවිල් ප්‍රනාන්දු නොහොත් ‘රම්බෝ’ යන අයට මෙසේ මරණ දඬුවම නියම කෙරිණි. පයාගල, හල්කඳවිල, සිංහගම ප්‍රදේශයේ පදිංචිව සිටි එල්. තනූජා බණ්ඩාර නමැත්තිය 2015 පෙබරවාරි මස 15 හෝ ඊට ආසන්න දිනකදී අතින් පයින් සහ කොස්සකින් පහරදී, ඔසවා පොළොවේ ගසා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව චෝදනා නඟා ඇති බව අධිකරණයේදී අණාවරණය විය.

මරණකාරිය සමග එකට පවුල් ජීවිතයක් ගතකරමින් සිටියදී ඇතිවූ සැකයක් හේතුවෙන් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පයාගල පොලිසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්කි විභාග කිරීමෙන් පසු නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකොට තිබුණි. එච්සී 580/2019 අංක යටතේ නඩුව විභාගයට ගෙන තිබූ අතර , පොලිසිය වෙනුවෙන් සැරයන් චමින්ද අලහකෝන් (8677) පෙනීසිටීයහ.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment