දිවි පරදුවට තැබූ සමාජ මෙහෙවරක නිරත වූ මාධ්‍යවේදියෙක් – හාල්දඬුවන පඤ්ඤාසෝම නාහිමි

46

මාධ්‍යවේදී කමල් ප්‍රියංකරගේ ජනතා මෙහෙවර ප්‍රශංසනීයයි – හලාවත හිටපු නගරාධිපති හිලරි ප්‍රසන්න

හලාවත ජනතාව වෙනුවෙන් සෑමවිටම පෑන මෙහෙය වූ මාධ්‍යවේදියෙක්- දිවයින ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංක

හෘද සාක්ෂියට එකඟව වෘත්තීයවේදියකු ලෙස කමල් ප්‍රියංකර පෑන සහ කැමරාව හැසිරුවා – රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත

හලාවත ජනතාව වෙනුවෙන් සෑමවිටම පෑන මෙහෙය වූ මාධ්‍යවේදියෙක් – දිවයින ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංක

කමල් ප්‍රියංකරගේ මාධ්‍ය මෙහෙවරේ තිස්වසරක පියසටහන්

මාධ්‍යවේදියකු තම ජීවිත කාලය තුළම පෑන හා කැමරාව අපක්ෂපාතීව මෙහෙයවමින් කරන මෙහෙවර ඔහු පුවත්පත් මාධ්‍යයට කළ කී දෑ පළවූ පුවත් තුළින් සනාථ කරනවා. දශක තුනකට අධික කාලයක් දිවයින පුවත්පතේ මාදම්පේ මාධ්‍යවේදියා ලෙස කමල් ප්‍රියංකර මහතා කරන ජනතා මෙහෙවර ප්‍රශංසනීය මෙන්ම ගෞරවයට පාත්‍ර විය යුතු බව හලාවත හිටපු නගරාධිපති නීතිඥ හිලරි ප්‍රසන්න මහතා පැවසීය.

දිවි පරදුවට තැබූ සමාජ මෙහෙවරක නිරත වූ මාධ්‍යවේදියෙක් - හාල්දඬුවන පඤ්ඤාසෝම නාහිමි

විiුත් මාධ්‍ය හා පුවත්පත් කීපයක පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වන කමල් ප්‍රියංකර මහතාගේ ඡායාරූප දිවියට වසර 50 හා මාධ්‍ය දිවියට වසර 30ක් සපිරීම නිමිත්තෙන් ඡායාරූප හා පුවත්පත්වල පළ වූ පුවත් ප්‍රදර්ශනයක් හලාවත බෞද්ධ මන්දිර ශාලාවේදී ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා හා හලාවත හිටපු නගරාධිපති නීතිඥ හිලරි ප්‍රසන්න හා දිවයින පුවත්පතේ ප්‍රධාන කතුවර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නාරද නිශ්ශංක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැතිණි.

‘මතකයෙන් බිඳක්’ නමින් නම් කර තිබූ මෙම ප්‍රදර්ශනය සඳහා ඡායාරූප හා පුවත්පත්වල පළවූ පුවත් විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනයට එක්කර තිබුණි.

ධීවර ජනදිවියේ අයිතීන් උදෙසා සටන් කළ ඇන්ටන් ප්‍රනාන්දු මහතා වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වන අවස්ථාවේ අසල සිටිමින් සිද්ධිය වාර්තා කළ කමල් ප්‍රියංකර මහතාගේ ජීවිතය එදා වාසනාවකට මෙන් බේරුණු බව සිද්ධිය දුටුවන්ගේ කතාබහට ලක්විය. එවන් සිද්ධීන් රැසක් තම ප්‍රදර්ශනයට එක්කර තිබිණි.

මාධ්‍ය කරණයේ නිරතව සිටින කාලය තුළ තමා විසින් භාවිතා කරන ලද කැමරා උපකරණද මෙහිදී ප්‍රදර්ශනයට එක්කර තිබීම විශේෂත්වයක් විය.

දිවි පරදුවට තැබූ සමාජ මෙහෙවරක නිරත වූ මාධ්‍යවේදියෙක් - හාල්දඬුවන පඤ්ඤාසෝම නාහිමි

හලාවත කොළඹ දෙදිසාවේ අධිකරණ සංඝනායක හාල්දඬුවන පඤ්ඤාසෝම හිමිපාණන් මෙහිදී අනුශාසනාවක් සිදුකළ අතර නුගගොල්ලේ පඤ්ඤාදස්සී හිමියන් පිරිස පන්සිල්හි පිහිටුවූහ. කිතුනු වතාවත් සිදු කිරීම හලාවත ආසන දෙව් මැඳුරේ හේරත් සහායක පියතුමා විසින් සිදුකරනු ලැබීය.

මෙහිදී වයඹ ජනමාධ්‍ය හා ජනකලාවේදීන්ගේ සමුපකාර සංගමය වෙනුවෙන් එහි සභාපති ජේ. කිචිලාන් මහතා විසින් එම සංගමයේ උප සභාපති කමල් ප්‍රියංකර මහතාට ඇගයීම සම්මානයක් ප්‍රදානය කිරීම දිවයින ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංක මහතාගේ සහභාගිත්වයෙන් මෙහිදී සිදුවිය. එහිදී තෙවන ඇස මාධ්‍ය සංගමය මගින්ද කමල් ප්‍රියංකර මහතාට තවත් සම්මානයක් පිරිනැමිණි.

එහිදී වැඩිදුරටත් කතා කළ නීතිඥ හිලරි ප්‍රසන්න මහතා මෙසේද පැවසීය.

“දිවයින පුවත්පතේ මාදම්පේ ඡායාරූප ශිල්පියෙක් සහ මාධ්‍යවේදියෙකු වන කමල් ප්‍රියංකර මහතාගේ වසර 30ක ජීවිත මතකය තුළ ප්‍රදේශයේ අධ්‍යාපනය, සෞඛ්‍ය තිබූ තත්ත්වයන්වල තිබූ අඩු පාඩු වැනි සමාජීය තත්ත්වයන් පෙන්වාදුන් මාධ්‍යවේදියෙක් ලෙස මට කියන්න පුළුවන්. මා නගරාධිපතිව සිටි කාලය තුළ ප්‍රියංකර මහතා ඔහුගේ පෑන යොදවා හලාවත ජනතාවට සත්‍ය දේවල් ඉදිරිපත් කළ මාධ්‍යවේදියෙක්. ඔහු කළ සේවය මගේ හිත තුළ පවතිනවා.

මතකයෙන් බිඳක් ප්‍රදර්ශනය තුළ පවතින දේවල් අපේ ජීවිත කාලය තුළ කියපු කරපු දේවල් පවා සුරැකී තියෙනවා. ඇතැම් දේශපාලනඥයින්ගේ අතීත හැසිරීම් ඔහුගේ මේ ප්‍රදර්ශනයෙන් පවා අද දකින්න පුළුවන්. එදා කප්පන්කාරයන් රජ වෙච්ච යුගයක් පවා හලාවත

නගරයේ තිබුණා. කමල් ප්‍රියංකර වැනි අභීත අදීන මාධ්‍යවේදීන් එම සංස්කෘතිය වෙනස් කරන්න අභීතව කැපවුණා. පෞද්ගලිකව ලාභ වරප්‍රසාද උදෙසා එම ජනතාවාදී මෙහෙවර කිසිලෙසකින්වත් අඩු කළේ නැහැ. හලාවත හා ඒ අවට ජනතාවගේ ජීවත්වීමේ අයිතිය

රැකදෙන්න කමල් ප්‍රියංකර මහතා එදා දිවයින ඇතුළු ජාතික පුවත්පත් හරහා රටට කළ මෙහෙය අප්‍රමාණයි” යැයි කීය.

මෙහිදී අනුශාසනාවක් කළ ඉරණවිල බෝධිරුක්ඛාරාම විහාරාධිපති කොළඹ හලාවත දෙදිසාවේ අධිකරණ සංඝනායක හාල්දඬුවන පඤ්ඤාසෝම නාහිමිපාණන්,

“ජීවිතය පරදුවට තබා ධෛර්ය සම්පන්න සමාජ මෙහෙවරක් රටට ඉටු කළ මාධ්‍යවේදියකු ලෙස කමල් ප්‍රියංකර කැපවුණා. ජනහදවත්වල තම පෑන හා කැමරාව හසුරවා පුවත්පත් මාධ්‍යයෙන් ඔහු කළ අප්‍රමාණ කැපවීම මෙන්ම පන්සල කෙරේ දක්වන අසීමිත ගෞරවවාද බැතිබව අපි මහත්සේ අගයනවා. කෙනෙකුගේ වේදනාවක සංවේදීව විඳිමින් හැඟීම් බරව මාධ්‍ය වාර්තාකරණයේ එතුමා යෙදුණ අන්දම වටිනා ආදර්ශයක් අපට සපයනවා” යැයි කීහ.

දිවි පරදුවට තැබූ සමාජ මෙහෙවරක නිරත වූ මාධ්‍යවේදියෙක් - හාල්දඬුවන පඤ්ඤාසෝම නාහිමි

ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා,

“එදා විධායක ව්‍යවස්ථාදායකය අධිකරණය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුලුනු තුන වර්තමානය වෙද්දි නිදහස් මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ කුලුනු හතර බවට පත්ව තිබෙනවා. තම ජීවිතය හෘද සාක්ෂියට එකඟව මෙහෙයවු නිර්මාණශීලී මාධ්‍යවේදියකු ලෙස මෙහිදී කමල් ප්‍රියංකර මහතා අපට හමුවනවා. මාධ්‍ය ලෝකයේ ඇතිවන වෙනස සමාජ වෙනසකටත් හේතුවන්නක්. කඩුවකින් කරන්න බැරි දේවල් කමල් ප්‍රියංකර වැනි සත්‍යවාදි මාධ්‍යවේදීන් පසුගිය දශක තුන තුළ මේ පළාත කේන්ද්‍ර කරගනිමින් පෑනෙන් සිදුකළා.”

දිවයින පුවත්පතේ ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංක මහතා,

“ජනතා අයිතීන් දිනාගැනීමේ පොදු ජන අරගල වාර්තා කිරීමේදී කමල් ප්‍රියංකර වැනි මාධ්‍යවේදීන් කළ අතීත කැපවීම් තම ජීවිතය පවා පරදුවට තබමින් ක්‍රියාකළ අන්දම අපිට මතකයි. ඉන්ධන සහන ඉල්ලා හලාවත ඇන්ටනි ධීවරයා පොලිස් වෙඩි පහරින් ඝාතනය වෙත්දී එම බිහිසුණු මොහොතේ කමල් මහතාගේ ජීවිතය පවා බේරුණේ අනූනවයෙනි. කවදාවත් ජනතාවට අගතියක් නොවන ලෙස තම මාධ්‍ය භාවිතාව සිදුකළ ඉතා දක්ෂ මාධ්‍යවේදියකු හොඳ මානව හිතවාදියකු ලෙස එතුමා අපේ ගෞරවයට නිබඳව පාත්‍ර වෙනවා. තිස් වසරක යුද සමයේ අවතැන්වූවන් ප්‍රහාරවලින් පවුල් පිටින් විපතට පත්වූවන්ගේ දුක් කඳුළු වෙනුවෙන් පවා ඔහු අතීතයේ කළ කැපවීම් ඉමහත්. පන්සල, පල්ලිය, දේවස්ථාන හා සමීපව කටයුතු කරමින් හලාවත පුරවරයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න ඔහු කළ කැපවීමට කවදාවත් වරදාන අපේක්ෂා කළේ නැහැ. පුවත්පතක ප්‍රාදේශීය මාධ්‍යවේදීන් එහි හදවත බඳුයි. ‘දිවයින’ පුවත්පත තුළින් හලාවත පුරවරයට කමල් ප්‍රියංකර කළ මෙහෙය ඔහු විසින්ම අසීරුවෙන් සංරක්ෂණය කළ පෑනෙන් කැමරාවෙන් සටහන් වූ මෙම පුවත් ලිපිය නිසල රූ තුළින් අපි දකිනවා. වසර ගණනාවක් එම පුවත් සංරක්ෂණය කිරීමේ වෙහෙසකර කටයුත්තෙනුත් එතුමා ජයගෙන තිබෙනවා. එය අපි අගය කරනවා.”

හලාවත අතිරේක – ස්වර්ණ ශ්‍රී මහවත්ත, මහවැව අමරනන්ද විජේසේකර, දුම්මලදූරිය- සෝමපාල ගම්ලත්, හලාවත අධිකරණ – ඒ.යූ. ගුණපාල

advertistmentadvertistment
advertistmentadvertistment