බදුල්ලේත් එළවළු ගිනි ගණන් – අමුමිරිස් කිලෝව රු. 2200ත් පනී

95

උඩරට එළවළු වගා කරන කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක් වූ බදුල්ල දිස්ත්‍රික්කයේ අග නගරය වූ බදුල්ලේ මේ දිනවල එළවළු මිල අදහාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇත. මේ අතර රට පුරා එළවළු මිල ඉතා ඉහළ අගයක් ගෙන ඇති බව ජනතාව පවසති.

සමහර එළවළු වර්ගවල කිලෝවක මිල රුපියල් 1000 දක්වා වැඩි වී ඇති අතර අමුමිරිස් මිල රුපියල් 2000 සිට 2200 දක්වා ඉහළ ගොස් ඇත. බදුල්ල පොදු වෙළෙඳ සංකීර්ණයේ පවතින එළවළු වර්ග කිහිපයක මිලයි මේ.

අමුමිරිස් කි.ග්‍රෑම් 1ක් රුපියල් 2000කි. වම්බටු සහ මාළුමිරිස් කි.ග්‍රෑම් 1ක් රු.1000කි. බෝංචි, ගෝවා, කරවිල සහ දෙහි කි. ග්‍රෑම් 1ක මිල රු. 800කි. ලීක්ස් කි.ග්‍රෑම් 1ක මිල රු.600කි. පතෝල කි.ග්‍රෑම් 1ක මිල රු.480කි. වට්ටක්කා කි. ග්‍රෑම් 1ක මිල රු.240 කි. රටඅල කි.ග්‍රෑම් 1 ක මිල රු.200කි.

මෙම තත්ත්වය මත ජනතාව එළවළු මිල විමසීමේදී වෙළෙන්දෝ ග්‍රෑම් 250 ක මිල පවසති.
බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment