පනාමුරේ පෙරහැරට ගෙනා අලියා ගහලා සිසුවා මැරිලා

107

පනාමුර පොලිස් වසමේ පනාමුර පන්සල් භූමියේදී පෙරහර සදහා ගෙනා අලියකු පහරදීමෙන් පනාමුර මහ විද්‍යාලයේ 7 ශ්‍රේණයේ ඉගනුම ලබන වයස අවුරුදු 12ක සිසුවකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ (15 දා) සවස පෙරහර ආරම්භ වනතෙක් අලියා පන්සල් භූමියේ කෙළවරක පනාමුර ප්‍රාථමික විද්‍යාලය ආසන්යේ ගාල්කර තිබී ඇත‍. මෙම දරුව අලියා බැලීමට පැමිණ ඇති අතර එම අවස්ථාවේ දී අලි බලන්නා අලියා අසල නොසිටි බව වාර්තා වෙයි. එම ස්ථානයට පැමිණි මෙම දරුවා අලියා අසලට ගොස් ඇති අතර එහිදී අලියා ළමයාට පහදී ඇත. සිහිසුන්ව සිටි දරුවා ප්‍රදේශවාසීන් විසින් ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කරන ලදී.

වෛද්‍යවරුන් සහ කාර්යය මණ්ඩලය දරුවාට සිහි ගැනීමට පැයකට වඩා වැඩි කාලයක් ගත් උත්සාහය සවස 3.35ට පමණ ව්‍යාර්ත විය.

මෙසේ මිය ගොස් ඇත්තේ පනාමුර ගල්අමුණ ප්‍රදේශයේ පදිංචි මුණසිහගේ ලකිදු නෙත්සර නම් 12 හැවිරිදි දරුවෙකි.

පනාමුර කාවන්තිස්ස රජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන ඇසල පෙරහැර වෙනුවෙන් අලි 4 දෙනෙකු පන්සල වෙත 15 දා රැගෙනවිත් තිබිණි. පල්ලෙබැද්ද ප්‍රදේශයේ අයකුට අයත් අලියා විසින් මෙම පහරදීම සිදුකර ඇතැ බව වාර්තා වෙයි.

ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී ලසන්ත දැල්ලගේ මහතා පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඕමල්පේ ප්‍රගීත් ජනක

advertistmentadvertistment
advertistmentadvertistment