රාජ්‍ය සේවක විශ‍්‍රාම වයස 65 කිරීම මෙතෙක් තීරණයක් නෑ – ඇමැති ජනක තෙන්නකෝන්

246

රාජ්‍ය සේවකයන්ගේ විශ‍්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි රාජ්‍ය සේවා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24 ද)පැවසීය.

ඕනෑම රාජ්‍ය සේවකයකුට ජනවාරි 01 දායින් පසුව වයස අවුරුදු 55 සම්පූර්ණ වූ පසුව ඕනෑම දිනයක විශ‍්‍රාම යා හැකි බව පැවසූ ඇමැතිවරයා වයස 65 දක්වා දීර්ඝ කිරීම තවම සාකච්ඡුා මට්ටමේ පවතින බව ද හෙතෙම කීය.

සිය අමාත්‍යාංශය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment