විදුලි නිෂ්පාදනයෙන් 80%ක් තාප හා ගල්අඟුරු බලාගාරවලින්

100

පවතින දැඩි නියඟය හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ්‍රීත ජලාශවල ජල මට්ටම පහළයෑම නිසා විදුලි නිෂ්පානයෙන් සියයට අසූවක්ම තාප හා ගල්අඟුරු බලාගාරවලින් පිරිමසා ගැනීමට සිදුව තිබේ.

වැඩි වියදම් සහිත තාප (ඉන්ධන) සහ ගල්අඟුරු මගින් විදුලි අවශ්‍යතාව සපුරා ගැනීමට සිදුවී තිබීම නිසා ලංවිම මෙම වසරේ ලබනු ඇතැයි අපේක්‍ෂිත රුපියල් කෝටි 500 ක පාඩුව තවත් ඉහළ යනු ඇතැයි ද ලංවිම ඉංජිනේරුවෝ පවසති.

ඉකුත් මාස හතේදී පමණක් ලංවිම රුපියල් කෝටි දෙදහස් නවසිය හැත්තෑ නවයක (2979) පාඩුවක් ලබා ඇතැයි මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සකස් කළ මූල්‍ය තත්ත්ව පිළිබඳ වාර්තාවක සඳහන්ය.

ඉන්ධන මෙන්ම ගල්අඟුරු මිල ගණන් ඉහළ යෑම, රුපියල අව ප්‍රමාණය වීම යන කාරණා මත ලංවිම මෙම වසරේ ලබන පාඩුව රුපියල් කෝටි 500 ද ඉක්මවා යනු ඇතැයි ඉංජිනේරුවෝ විශ්වාසය පළකර සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment