එළුවන් ප්‍රවාහන ලොරිය ආරච්චිකට්ටුවේ ප්‍රපාතයකට පෙරළී අනතුරක

72

රියැදුරු සහ සහායකට තුවාල

පුත්තලම, කොළඹ ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ, සෙංගල් ඔයේ ජලය ගලා බස්නා ඇළ මාර්ගය හරහා ඉදිකර ඇති පාලම අසල ප්‍රපාතයට එළුවන් ප්‍රවාහනය කළ ලොරි රථයක් පෙරළීමෙන් අනතුරක් සිදු වී ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය පවසයි. අළුයම 4 ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

මන්නාරම ප්‍රදේශයේ සිට කොළඹ දක්වා මෙම එළුවන් ප්‍රවාහනය කළ ලොරි රථය ගමන් කර තිබේ. අඩි තිහක් පමණ ප්‍රපාතයට ලොරි රථය පෙරළී ඇති අතර පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇළ මාර්ගයේ ජලය නොමැති වීමෙන් ලොරි රථයේ රියැදුරු සහ සහායක සුළු තුවාල ලබා දිවි බේරාගෙන තිබේ.

අනතුරට පත් ලොරි රථයේ එළුවන් 46 ක් ප්‍රවාහනය කර ඇති අතර අනතුර හේතුවෙන් තිදෙනකු මියගොස් තිබේ. සිද්ධියෙන් ලොරි රථයට බරපතල හානි සිදුවී ඇත.

සිද්ධිය සම්බන්ධව ආරච්චිකට්ටුව පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment