සරසවි සිසුවෙක් නේවාසිකාගාරයෙන් වැටී මරුට

599


මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධිත හෝමාගම දියගම පිහිටි තාක්ෂණික පීඨයේ අධ්‍යාපනය හදාරමින් සිටි 26 හැවිරිදි සිසුවෙකු නේවාසිකාගාර ගොඩනැගිල්ලකින් පහළට ඇදවැටී මියගොස් ඇත.

අද උදෑසන මෙම සිසුවා අදාළ ගොඩනැගිල්ලේ තුන්වන මහලින් ඇදවැටීමෙන් අනතුරුව හෝමාගම රෝහල වෙත ඇතුළත් කර තිබේ.

එහිදී සිසුවා මියගොස් ඇත. පොලීසිය පවසන්නේ එම සිසුවා ගොඩනැගිල්ලෙන් ඇදවැටීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගොස් ඇති සිසුවා අයිස් මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වී සිටියාද යන්නේ සැකයක් මතුව ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment