පහරදී පුච්චා දැමු තරුණ සිරුරක් පූජා නගරයේ

422

අනුරාධපුර දේවානම්පියතිස්සපුර ප‍්‍රදේශයේ තිබී පහරදී ඝාතනය කර පුළුස්සා දමන ලද බවට සැක කරන තරුණයෙකුගේ අඩක් පිලිස්සුණු මළ සිරුරක් ඊයේ (24දා) සොයා ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දේවානම්පියතිස්ස පුර , තිසාවැව අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි ඒ.කේ. එම් වපාස් නැමැති විසි එක් හැවිරිදි තරුණයකු බව පොලීසිය කියයි.

ඉහත ලිපිනයේ නිවසේ පෙරේදා (23 දා) රාත‍්‍රියේ මෙම තරුණයා රූපවාහිනිය නරඹමින් සිට ඇති බවත් පසුදා උදෑසන නිවසේ කාමර තුළ නොමැති බව දැන ගත් පසු අවට ප‍්‍රදේශයේ සොයා බලා ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.

පසුව නිවස ආසන්නයේ පිහිටි රක්ෂිත කොටස තුළ තිබී අඩක් පිළිස්සුණු මෙම තරුණයාගේ මළ සිරුර සොයා ගත් බවත් මරණකරුගේ සිරුරේ පහරදී ඝාතනය කළ බවට සැක කෙරෙන ලක්ෂණ ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment