කොටි පුල්ලි යාපනයෙන් මතුවෙයි

610

යාපනයේ කොඩිගාමම් කර්පේලි ප්‍රදේශයේ තිබී බෝම්බ හා යුද උපකරණ රැසක් අඩංගු යකඩ පෙට්ටියක් පොලීසිය විසින් ඊයේ (24 දා) සොයා ගෙන තිබේ.

ඉඩම් හිමියෙකු සිය වත්ත එළිපෙහෙළි කිරීමට ගිය අවස්ථාවේදී මෙම බෝම්බ පෙට්ටිය හමු වී ඇති අතර ඔහු ඒ බව කොඩිගාම්ම පොලීසියට දැණුම් දීමෙන් පසුව පොලීසිය පැමිණ එය ගොඩ ගෙන ඇත.

විශාල බෝම්බ දෙකක් අත් බෝම්බ කීපයක් හා තවත් යුද උපකරණ අඩංගු වූ එම යකඩ පෙට්ටිය යුද සමයේදි කොටි සාමාජිකයින් විසින් මේ ස්ථානයේ වළ දමන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

එම බෝම්බ පුපුරවා විනාශ කිරීමට කොඩිගාමම් පොලීසිය චාවාකච්චේරී අධිකරණයෙන් නියෝගයක් ලබා ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment