වැඩ ගොඩක් බදාගෙන නිතරම ටීවී එකේ ඉන්න ඕනෑ නෑ – මනෝජා ප්‍රනාන්දු

231

මම අද ඒ ගැන පසුතැවෙනවා

නිස්සාර. ගීතයේ මියුසික් වීඩියෝවෙන් බොහෝ දෙනෙක් හඳුනාගත් ඇය දැන් සිදාදියේ සමනලියෝ ටෙලි නාට්‍යය මගින් පුංචි තිරයේ දකින්න ලැබෙනව. මේ ගැන වැඩි විස්තර දැනගන්න අපි මනෝජා ප්‍රනාන්දු එක්ක කතාබහකට එකතු වුණා. බලන්න” ඔබ ඇය ගැන මේ විස්තර දැනසිටියාද කියා.

මනෝජාට කොහොමද අනුරාධාව හමුවෙන්නෙ?

සිදාදියේ සමනලියෝ ටෙලි නාට්‍යයේ අධ්‍යක්‍ෂවරයා වන ධනංජය සිරිවර්ධන අයිය හරහා තමයි මට අනුරාධාව හමුවෙන්නෙ. ඔහු තමයි මට මුලින්ම මේ චරිතයට ආරාධනා කරන්නෙ. එතනදි මුලින්ම මම පිටපත කියවල බැලුවා. ඒක ලියල තිබුණෙ අරුණ ජයවර්ධන අයිය. මම ඔහුගෙ වැඩවලට ගොඩක් කැමතියි. ඒ වගේම ඔහු කරන වැඩකට සම්බන්ධ වෙන්නත් කැමැත්තෙන් හිටියෙ. ඒ නිසා චරිතය භාරගැනීම හෝ නොගැනීම ගැන හිතන්න තරම් දෙයක් තිබුණෙ නැහැ.

වැඩ ගොඩක් බදාගෙන නිතරම ටීවී එකේ ඉන්න ඕනෑ නෑ - මනෝජා ප්‍රනාන්දු

ප්‍රතිචාර ලැබෙමින් පවතිනව ඇති?

ඔව්” ලැබෙමින් පවතිනව. මේ ටෙලි නාට්‍යයේ කොටස් තුනක් පමණයිනෙ අපි තවම නැරඹුවේ. ඒ නිසා අනුරාධාට ලැබෙන ප්‍රතිචාර ගැන තවම ලොකු දෙයක් කියන්න බැහැ.

රංගන ශිල්පිනියන් පස් දෙනෙක් එකට වැඩකිරීම මොන වගේ අත්දැකීමක්ද?

ඒ ගැන කිව්වොත් විශේෂයෙන්ම මට යශෝධා අක්කාත් එක්ක වැඩ කරන් ලැබීම ගොඩක් සතුටුයි. ඇය රඟපෑමට සම්බන්ධ වෙන්නෙ ගොඩක් අඩුවෙන් නිසා මම හිතුවෙ නැහැ මට එහෙම අවස්ථාවක් ලැබෙයි කියල. ඊට අමතරව මිශෙල්” තරින්දි” වොෂිකා සහ සචිනි යන අපි පස් දෙනාම සිදාදියේ සමනලියෝ සෙට් එක තුළ ගොඩක් එන්ජෝයි කළා.

වැඩ ගොඩක් බදාගෙන නිතරම ටීවී එකේ ඉන්න ඕනෑ නෑ - මනෝජා ප්‍රනාන්දු

මනෝජා කියන්නෙ අනුරාධාට සමාන කෙනෙක්ද?

නැහැ” කොහෙත්ම සමාන නැහැ. මොකද අනුරාධා කියන්නෙ තණමල්විලෙන් කොළඹට ආපු ගැහැනු ළමයෙක්. මනෝජා එහෙම කෙනෙක් නෙමෙයි. එතනදි තනමල්විලෙන් කොළඹට ආපු කෙල්ලෙක් කොහොම හැසිරෙයිද කියන එක ගැන මම එක එක විදිහට අධ්‍යයනය කළා. ඒ වගේම ධනංජය අයියට අවශ්‍ය දේ තමයි මගේ රංගනයට භාවිත කළේ.

එහෙනම් මනෝජා ගැන විස්තර ටිකක් කියමු?

මනෝජා කියන්නෙ නිදහස්ව වගේම සරලව ජීවත් වෙන්න කැමති කෙනෙක්.

අභිෂේකාගේ නිස්සාර ගීතයේ රූප රචනාව ගැන කතා කළොත්?

මම පුංචි කාලෙ ඉඳන් ඩ්‍රාමා” ඩාන්සිං කළත් නිර්මාණවලට ආරාධනා ලැබුණත් භාරගත්තෙ නැහැ. මොකද හිතට දැනෙන නිර්මාණයක් ලැබුණෙ නැති නිසා. නමුත් 2017 වසරේ එළිදැක්වුණ ‘නිස්සාර. කියන ගීතය මගේ හිතට දැණුනා. මේක රහක් තියෙන වැඩක් කියල දැණුන නිසා ඒකට සම්බන්ධ වුණා.

එතනින් පස්සෙ මොකද වුණේ?

නිස්සාර ගීතයෙන් පස්සෙ එවැනි නිර්මාණ සඳහා ආරාධනා ගොඩක් ලැබුණා. නමුත් තෝරාබේරාගෙන තමයි භාරගන්නෙ. එවැනි හිතට දැණුන නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙලා තියෙනව.

වැඩ ගොඩක් බදාගෙන නිතරම ටීවී එකේ ඉන්න ඕනෑ නෑ - මනෝජා ප්‍රනාන්දු

මොනවද නිර්නායක?

මුලින්ම පිටපත ගැන තමයි සැලකිලිමත් වෙන්නෙ. ඒ වගේම කාස්ට් එක ගැනත් හොයල බලනව. මෙතැනදි අධ්‍යක්‍ෂවරයා ගැන ගැටලුවක් නැහැ. ක්‍ෂේත්‍රයට ආපු මුල්ම කාලෙ විවිධ ගණයේ නිර්මාණවලට ආරාධනා ලැබුණා. නමුත් මේ වන විට ගොඩක් දුරට මම තෝරා ගන්නා වර්ගයේ නිර්මාණ විතරයි මට ලැබෙන්නෙ.

ගායක ගායිකාවන්ටත් මේ දේ අදාළද?

අනිවාර්යයෙන්ම” ගායකයා ගායිකාව ගැන වගේම පදරචනාව ගැනත්” රූපරචනාවක් නම් අධ්‍යක්‍ෂවරයා ගැනත් සැළකිළිමත් වෙනව. මට අවශ්‍ය කොලිටිය තියෙනව නම් තමයි ඒක භාරගන්නෙ.

ටෙලි නාට්‍ය ආගමනය ගැන කතා කළොත්?

මගේ මුල්ම ටෙලි නාට්‍ය තමයි රනිල් කුලසිංහ අයිය අධ්‍යක්‍ෂණය කළ ‘පානාමංකඩ.. නමුත් මුලින්ම ප්‍රේක්‍ෂකාගාරයට යන්නෙ ‘පොදු. ටෙලි නාට්‍යය. ඒ නිසා ගොඩක් අය හිතුව පොදු තමයි මගේ පළමුවැනි ටෙලි නාට්‍යය කියල. ‘පානාමංකඩ. නිසා පුදුම අත්දැකීම් ගොඩක් මට ලැබුණා. අනෙක් චරිත සාර්ථක වෙන්න ඒ අත්දැකීම් හේතුවක් වෙන්න ඇති.

සිදාදියේ සමනළියන්ට අමතරව?

ඊට අමතරව තවත් ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වෙලා ඉන්නව.

වේදිකාවේ වැඩකටයුතු කොහොමද?

මේ දිනවල පූජන දංදෙණිය අයිය අධ්‍යක්‍ෂණය කරන මකරෙක් ඇවිත් කියන ළමා නාට්‍යය රට වටා ගෙනියන්න සූදානමින් ඉන්නව. මංගල දර්ශනය ජනවාරි මාසයේ රඟදැක්වුවා. ඒකෙන් පස්සෙ කණ්ඩායමේ අය කාර්යබහුල වුණා. දැන් නැවතත් පුහුණුවීම් පටන්අරගෙන තියෙන්නෙ.

ලැබෙන ඔනෑම දෙයක් භාරගන්නා බොහෝ නවකයන් අතර මනෝජා වෙනස් වෙන්නෙ කොහොමද?

මම කැමති නැහැ වැඩ ගොඩාක් බදාගෙන නිතරම ටීවී එකේ පෙනී ඉන්න. අවුරුද්දකට පස්සෙ වුණත් කමක් නැහැ” හරවත් නිර්මාණයකින් ප්‍රේක්‍ෂකයන් අතරට එන්න ඕන කියලයි මම හිතන්නෙ.

විලාසිතාවලටත් සීමා මායිම් තියෙනවද?

විලාසිතාවලට නම් සීමා මායිම් නැහැ. විවිධ විලාසිතාවලට කැමතියි. එදිනෙදා මම තෝරාගත්ත විලසිතා කිහිපයක් තියෙනව. ඒ ටික තමයි නිතරම අඳින්නෙ. ඊට අමතරව විශේෂ අවස්ථාවන්වලදි වවිධ විලාසිතාවලට යන්න තමයි මම කැමති.

සිනමාවේ කටයුතු?

මම ටෙලි නාට්‍යවලට යොමු වෙන්න කලින් සිනමා නිර්මාණ දෙකකට සම්බන්ධ වුණා. නමුත් තවම ඒ දෙකම තිරගත වුණේ නැහැ.

පසුතැවීම්?

මම ලංකාවේ ප්‍රසිද්ධ නර්ථන කණ්ඩායමකට සම්බන්ධ වෙලා හිටිය අවුරුදු හතරක් විතර. මම අද ඒ ගැන පසුතැවෙනව. මොකද ඒ කාලය අපතේ ගිය එක ගැන.

රඟපාන්න කැමති චරිතයක්?

දෘශ්‍යාබාධිත හෝ ශ්‍රවණාබාධිත චරිතයක් ලැබෙනව නම් බොහොම කැමතියි. මම හිතනව මට ඒක කරන්න පුළුවන් වෙයි කියල.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment