දෙවියන් වහන්සේ අප හද තුළ වැඩ සිටිනවා – මැල්කම් රංජිත් කාදිනල් තුමා

73

විවිධ බලවේග මනුෂ්‍යයාගේ හදවත අපිරිසිදු කරන්නට ක්‍රියාත්මක වුවත් අපේ හදවත් පාපයෙන් බැහැරව පිරිසිදු දේව මාලිගාවක් බවට හරවා ගැනීම, දෙවියන් වහන්සේ අප හදවත තුළ වැඩ සිටීමේ හොඳම සලකුණ බැව් කොළඹ අගරදගුරු අති උතුම්, මැල්කම් රංජිත් කාදිනල් තුමා අවධාරණය කර සිටියහ.

එතුමා එසේ පැවසුවේ වත්තල දිසාවට අයත් හැඳල – බලගල සදාසරණ දේවමතා වහන්සේගේ දේවස්ථානය යළි පිළිසකර කිරීමෙන් පසු නැවත ආසිරි ගැන්වීමේ විශේෂ දේව මෙහෙය අමතමිනි.

ගඩොලින් තැනූ දේවස්ථානයේ හෝ දේව මාලිගාවේ පමණක් නොව උන්වහන්සේ වඩාත් කැමති අපේ හැමෝගෙම හදවත් තුළ වැඩසිටීමට බවත්, දෙවියන් වහන්සේ වැඩසිටින තැන අලංකාර විය යුතු බව අදහන අප පිරිසිදු හදවතක් ඇති කෙනකු බවට පත්විය යුතු බැව් පෙන්වා දුන් කාදිනල් හිමියෝ, “දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ” කියන්නේ, ක්‍රිස්තුස් වහන්සේගේම ශරීරය හා රුධිරය අපේ ජීවිත තුළට මාංශගත වීමේ ක්‍රමවේදයක් බව අවධාරණය කර සිටියහ.

බලගල මීසම්පති අජිත් අප්පුහාමි පියතුමාගේ අනුශාසකත්වයෙන් වත්තල දිසානායක, ග්‍රෙගරි ජයන්ත, නායකකන්ද මීසම්පති, ප්‍රීය ජයමාන්න යන පියවරුන් ඇතුළු ගිහි පැවිදි විශාල සැදැහැවතුන් පිරිසක් තද වර්ෂාව ද නොතකා සහභාගි වී සිටීම විශේෂත්වයකි.

හැඳල – ජේ. ස්ටැනිස්ලස් පයස්

දෙවියන් වහන්සේ අප හද තුළ වැඩ සිටිනවා - මැල්කම් රංජිත් කාදිනල් තුමා
advertistmentadvertistment
advertistmentadvertistment