එකම පන්තියේ දරුවෝ දෙදෙනා එල්ලී මියයති

915

කිළිනොච්චිය පෙරියපරන්තන් ප්‍රදේශයේ එකම පාසලක එකම පන්තියේ ඉගෙනුම ලබමින් සිටි 17 හැවිරිදි දරුවන් දෙදෙනෙකු එකම ස්ථානයක දී ගෙල වැලලා ගෙන 16 දා මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ සුරේෂ් කුමාර් තනිගයි (17) සහ ලෝකේෂ්වරන් තමලිනි (17) නැමති දෙදෙනා වන අතර ඔවුන් ගෙල වැලලාගෙන ඇත්තේ තමලිනීගේ නිවසේ මුළුතැන්ගේ පිහිටි බාල්කයකය.

මේ දෙදෙනා සියදිවි හානි කර ගනීමට පෙර ඔවුන් විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක්ද ඔවුන්ගේ මළ සිරුරු අසල තිබී පොලීසියට හමු වී ඇත.

එම ලිපියේ සඳහන්ව ඇත්තේ ඔවුන්ගේ මරණවලට කිසිවෙකු වගකිවයුතු නැති බවත් ඔවුන්ට තවදුරටත් ජීවත් වීමෙන් පලක් නොමැති නිසා මේ අන්දමට සියදිවි හානිකර ගන්නා බවත්ය.

මේ දෙදෙනාම අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල එන තෙක් උසස් පෙළ සඳහා උපකාරක පන්ති යමින් සිටි ශිෂ්‍යාවන් දෙදෙනෙකි.

මියගිය අයගේ මළ සිරුරු පරීක්ෂණ කටයුතු සඳහා කිළිනොච්චිය දිසා රෝහල වෙත පොලීසිය විසින් රැගෙන ගොස් ඇත.

කිළිනොච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment