ඇමැති රොෂාන්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

187

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාදුන් මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ගොනු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (04 වැනිදා) නිවේදනය කළේය.

ශ්‍රී ලංකාවේ අනෙකුත් විවිධ ක්‍රීඩා සංවර්ධනය සඳහා ජාතික ක්‍රීඩා අරමුදලට ලබා දුන් එම මුදල් අපේක්ෂිත අරමුණු සඳහා යෙදවීම පිළිබඳව නිසි පරිදි අනාවරණය නොකිරීම හේතුවෙන් මෙම පැමිණිල්ල ගොනු කිරීමට කටයුතු කළ බව එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත හෙළි කළ තොරතුරු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අයදුම්කර ලබා ගත් තොරතුරු අතර පැහැදිලි විෂමතාවයක් හේතුවෙන් මෙම පියවර ගත් බවද ඔවුහු පෙන්වා දෙති.

අල්ලස් කොමිසම මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා කරුණු සොයා බලා අවශ්‍ය පරිදි සුදුසු පියවර ගනු ඇතැයි ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාසය පළ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment