යුක්රේනයේ හෙලිකොප්ටරයක් කඩාවැටී අභ්‍යන්තර කටයුතු ඇමැති ඇතුළු 18ක් මියයති

281

යුක්රේනයේ කිව් අගනුවර නැඟෙනහිර බ්‍රෝවාරි නගරාසන්න ප්‍රදේශයක ළඳරු පාසලක් අසල හෙලිකොප්ටරයක් කඩාවැටීමෙන් යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ඇතුළු 18 දෙනකු මියගොස් ඇත.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩෙනිස් මොනස්ටිර්ස්කි මහතා ඇතුළු අටදෙනෙක් හෙලිකොප්ටරයේ ගමන් කර තිබේ.

අමාත්‍යවරයාගේ පළමු නියෝජ්‍ය අමාත්‍යවරයා සහ රාජ්‍ය ලේකම්වරයා ද මියගොස් ඇතැයි යුක්රේන බලධාරීහු පවසති.

මියගිය අය අතර කුඩා දරුවන් තිදෙනකු ද සිටින අතර තවත් 15 දෙනකු රෝහල්ගත කර තිබේ.

කඩාවැටුණු මෙම හෙලිකොප්ටරය එරට රාජ්‍ය හදිසි සේවයට අයත් බව ජාතික පොලිස් ප්‍රධානි ඉහෝර් ක්ලෙමෙන්කෝ මහතා සඳහන් කරයි.

42 හැවිරිදි වියේ පසුවූ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කිගේ කැබිනට් මණ්ඩලයේ ප්‍රමුඛ සාමාජිකයෙකි.

ඔහු රුසියාව 2022 පෙබරවාරි මාසයේ දී යුක්රේනය ආක්‍රමණය කළ දා සිට රුසියානු මිසයිල ප්‍රහාරවලින් සිදුවන අනතුරු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටුකළ අයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment