ආබාධිත දියණියට වැසිකිළියක් සාදා දීමට දෙමාපියෝ ආධාරයක් පතති

594

මොනරාගල, කුමාරදොළපාර, ගලඋඩ ප්‍රදේශයේ පදිංචි කේ.එම්.බී. ශ්‍යාමාට උපතින්ම ඇවිදීමට නොහැකිය.

24 වැනි වියෙහි පසුවන ඇය අත්වාරුවකින් ඇවිද යයි.

ඇයට වැසිකිළි යාමට සිදුවී ඇත්තේ අබලන්ව පවතින වැසිකිළියකටය.

මව හෝ පියාට ඇය ඔසවා ගොස් වැසිකිළියේ තැබීමට සිදුවී ඇත. එබැවින් නිවසට යාබදව කොමඩ් සහිත වැසිකිළියක් ඉඳිකරගැනීම සඳහා කුලීවැඩ කරමින් ජීවත්වෙන දෙමව්පියන්ට නොහැක. වැසිකිළිය ඉඳිකිරීම සඳහා වැලි සහ ගල් පරිත්‍යාගශීලියකු ලබාදී ඇත. වැසිකිළියට අවශ්‍ය අනෙකුත් උපකරණ ලබාගැනීමට ආධාර උපකාර කරන ලෙස ඇය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටී. ඇයගේ මවගේ නමින් ඇති අංක 068200166782504 දරණ මහජන බැංකුවේ මොනරාගල ශාඛාවේ ගිණුමට මුදල් බැරකළ හැක.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment