ඇෆ්ගනිස්තාන ‘ඒ’ පිල අද මෙරටට

51

ශ්‍රී ලංකා ‘ඒ ’ කණ්ඩායම සමග තරග පහකින් යුත් එක්දින තරගාවලියකට සහ සිවුදින තරගයකට සහභාගී වීමට නියමිත ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම අද (23 වැනිදා) මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ තරග සංචාරයේ පළමු එක්දින තරගය ලබන 28 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර එම සියලු තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් එක්දින තරගය මැයි මස 7 වැනිදා පැවැත්වීමට සැළසුම් කර තිබේ. සිවුදින ක්‍රිකට් තරගය මැයි මස 11 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත්තේ කොළඹ පී. සරා ඕවල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ඉක්‍රම් අලිකිල් විසින් මෙහෙයවනු ලබයි. ඇෆ්ගනිස්තාන ‘ඒ ’එක්දින සංචිතය සඳහා එරට ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්වයිස් අහමඩ්, සියා උර් රහමාන් සහ බිලාල් සාමි යන ක්‍රීඩකයන්ද එකතු කර ඇත.

ඇෆ්ගනිස්තාන ‘ඒ’ එක්දින සංචිතය – ඉක්‍රම් අලිකිල් (නායක, රියාස් හසන්, අබ්දුල් මලික්, සුබයිඩ් අක්බාර්, ශහීඩ් කමාල්, බිලාල් තරින්, දාර්විෂ් රසෝලි, මොහොමඩ් ඉෂාක්, නන්ගල් කරෝටි, ෆර්මනුල්ලා සාෆි, ක්වයිස් අහමඩ්, සියා උර් රහමාන්, සලීමී සාෆි, අබ්දුල් රහමාන්, බිලාල් සාමි.

ඇෆ්ගනිස්තාන ‘ඒ’ සිවුදින සංචිතය – ඉක්‍රම් අලිකිල් (නායක, අබ්දුල් මලික්, ඉෂනුල්ලා ජනාත්, ඉම්රාන් මලික්, බහීර් ෂා මහ්බූබ්, රමණුල්ලා සද්රාන්, ඉජාස් අහමඩ්, අබ්දුල් හාඩි, කලීල් ගුර්බාස්, සියා උර් රෙහෙමාන්, ඊබ්‍රාහිම් අබ්දුල් රහීම්සායි, නවීඩ් සද්රාන්, නසීම් මන්ගල්, සයීඩ් අහමඩ්.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment