ඇපල් ගෙඩියක් බරැති ලොව කුඩාම දරුවා නිරෝගී සුවයෙන්

339

ලොව, මෙතෙක් බිහි වූ කුඩාම දරුවා ලෙස සැලකෙන ඇපල් ගෙඩියක බරැුති දරුවා මාස 13ක කාලයක් සිංගප්පූරුවේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලැබීමෙන් අනතුරුව රෝහලින් මුදාහැර තිබේ. ‘ක්වෙක් යු සුවාන්’ යනුවෙන් නම් කර ඇති මෙම ගැහැනු දරුවා පසුගිය වසරේ උපත ලබන විට පැවති බර වූයේ ග‍්‍රෑම් 212ක් (අවුන්ස 7.47 කි) වන අතර ඇයගේ උස වූයේ සෙන්ටිමීටර් 24කි. මෙම දරුවාගේ මව ඇයව ප‍්‍රසූත කර තිබුණේ වයස සති 25ක් වැනි කෙටි කාලයක් සම්පූර්ණ වූ පසුවය.

 දැඩි සත්කාර ඒකක ප‍්‍රතිකාර ලැබීමෙන් පසු දැරියගේ බර මේ වන විට කිලෝ ග‍්‍රෑම් 6.3ක් (රාත්තල් 14ක්) දක්වා වර්ධනය වී තිබේ. දැරිය උපත ලැබූ සිංගප්පුරුවේ ජාතික විශ්වවිද්‍යාල රෝහලේ වෛද්‍යවරුන් ඉකුත් වසරේ පවසා සිටියේ ඇයට ජීවත් වීමට ඇති අවස්ථාව අඩු බවයි. එහෙත් එම මතයන් බොරු කරමින් ඇය යථා තත්ත්වයට පත්ව නිරෝගී සුවයෙන් රෝහලින් පිටව ගිය බව වෛද්‍යවරු පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment