විදුලි බිල වැඩි කළොත් නීතිය හමුවට යනවා – මහජන උපයෝගීතා කොමිසම

167

මහජන උපයෝගීතා කොමිසමේ විරෝධය නොතකා විදුලි බිල සියයට 70 කින් වැඩි කළහොත් ඊට සම්බන්ධ ඕනෑම අයකුට එරෙහිව නීතියට අනුව කටයුතු කරන බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘දිවයින’ ට ඊයේ (5 දා) කීවේය.

මේ පිළිබඳව ඔවුන් කොමිසම හමුවට ගෙන්වා නීති ප්‍රකාරව කරුණු විමසීමට ද හැකි බව ජනක රත්නායක මහතා සඳහන් කළේය.

විදුලි බිල වැඩි කළහොත් ජනතාව පීඩාවට පත්වන ආකාරයත්, ඒ පිළිබඳව ජනතාවගේ විරෝධයත් තමාට නිතර අසන්නට ලැබෙන බව ද ජනක රත්නායක මහතා කියා සිටියේය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment