වාහන ජිල්මාට් නිසා කෝටි 12ක බදු පිල්ලි ගිහින්

123

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද හෝ මෙරට එකලස් කරනු ලැබූ වාහන වංචනිකව මෝටර් රථ දෙපාර්තමේන්තුව තුළ ලියාපදිංචි කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් අයකර ගත යුතුව තිබූ රුපියල් දොළොස්කෝටි විසි දෙලක්ෂ අසූ දෙදහස් නවසීයයක බදු ආදායමක් වංචනිකව අවභාවිත කර ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙලෙස ප්‍රතිඅපනයනය කිරීමේ දී ලියාපදිංචිය අවලංගු කරනු ලැබූ විදේශීය රාජ්‍යතාන්ත්‍රික වාහන 06ක් සඳහා සාවද්‍ය ලෙස වෙනත් සුඛෝපභෝගී වාහනවල චැසි අංක හා එන්ජින් අංක ඇතුළත් කර වෙනත් පුද්ගලයකුගේ නමට ලියාපදිංචි සහතික නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

රේගුවේ දත්ත පද්ධතියට අනුව වංචනිකව ලියාපදිංචි කර ඇති මෙකී සුඛෝපභෝගී වාහන සඳහා රේගු සටහන්කරයක් නිකුත් වී නොතිබුණි. මේ නිසා මෙම සුඛෝපභෝගී වාහන නීති විරෝධී ලෙස ආනයනය කර ඇති අතර රේගු පනත ප්‍රකාරව ගෙවිය යුතු ආනයන තීරුබදු කිසිවක් ගෙවා නොමැති බව ද විගණනය මගින් අනාවරණය කර තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment