උතුරේ කෑලිවලින් කැලණිවැලියට පණ දෙයි

432

සංවර්ධනය කෙරෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයෙන් ඉවත් කෙරෙන රේල් පීලි ඇතුළු භාවිතයට ගත හැකි කොටස් යොදා ගනිමින් කැලණිවැලි දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම දුම්රිය ස්ථාන පරිශ්‍රයේ දී මෙම ව්‍යාපෘතිය පසුගිය දා ආරම්භ විය. කිලෝමීටර් 59 ක දිගින් යුතු මරදාන සිට අවිස්සාවේල්ල දක්වා වන කැලණිවැලි දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රේල් පීලි 2359ක් සහ කොන්ක්‍රීට් සිල්පර 25728ක් යොදා ගැනීමට නියමිත වේ. ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති වියදම රුපියල් කෝටි 127කි.

මාර්ගයේ පවතින දුර්වල තත්ත්වය හේතුවෙන් දැනට පවතින වේග සීමා 49 වසරක් තුළ ඉවත් කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවේ සැලැසුම බව සඳහන් කරයි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment