නඩු මෙහෙයවීමෙන් ඉවත්වූ පොලිසියට එරෙහිව පැමිණිලි

2211

නුවරඑළිය මහෙස්ත්‍රාත්වරියගේ ක්‍රියාකලාපයකට විරෝධතාවය පළකරමින් පසුගිය 6 වැනිදා එම අධිකරණය හමුවේ පැවැති නඩු කටයුතු මෙහෙයවීමෙන් ඉවත්වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සහ ව්‍යවස්ථාපිත යුතුකම් ඕනෑකමින්ම පැහැර හැරීම ඇතුළු චෝදනා යටතේ නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවට ලිඛිත පැමිණිල්ලක් කළේය.

එම පොලිස් නිලධාරීන්ගේ එම ක්‍රියාකලාපය අධිකරණයේ ස්වාධිපත්‍යයට හා නීතිපති පාලනයට අහිතකර තත්ත්වයක් බවත් එවැනි අකටයුත්තක් සිදුවූයේ නම් ඒ පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි නොකොට එලෙස අනීතක ක්‍රම මගින් බලපෑම් කිරීම, වර්ජනය කිරීම නරක පූර්වාදර්ශයක් බවත් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා කියා තිබේ.

එබැවින් එම පොලිස් නිලධාරීන්ට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පියවර ගන්නා ලෙසටද නීතිපතිවරයාට සහ පොලිස්පතිවරයාට පිටපත් සහිතව යොමු කළ එම පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment