එ. ජා. 76 වැනි සැසියට ජනපති එක්වෙයි

158

ඇමරිකාවේ නිව්යෝර්ක් හිදී ලබන 21 වැනිදා ඇරඹෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වීමට නියමිතය.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන සහ දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගි වන පළමු අවස්ථාව මෙය වේ. සිය සංචාරය අතරතුරදී ආර්ථික, අධ්‍යාපන, කෘෂිකාර්මික ඇතුළු ක්‌ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් කිහිප දෙනකු සමග ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡුා පැවැත්වීමටද නියමිතව තිබේ.

විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ජනාධිපතිවරයා සමග සංචාරයට එක්වෙති.

තම පෞද්ගලික ප‍්‍රතිපත්තිය සහ රටේ පවතින වත්මන් තත්ත්වය සැළකිල්ලට ගෙන අවම පිරිසකගේ සහභාගිත්වයෙන් සංචාරය සිදු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට මෑත ඉතිහාසයේ මෙරටින් සහභාගිවන අඩුම දූත පිරිස මෙය වන අතර, අයෝමා රාජපක්ෂ මහත්මිය සිය පෞද්ගලික වියදමින් සංචාරයට එක්වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment