රවි රාජ භවනට රටවැසියෝ සීරුවෙන්

5469

2023 අගෝස්තු මස 17 වන ගුරු දින සවස 01.32 ට රාජ්‍ය කාරක සූර්යයා හෙවත් රවි සිංහ රාශිගත වේ. ග්‍රහලොව පීතෘ මෙන්ම රජු ලෙස හැඳින්වෙන රවි සිය වාසභවනය වෙත සැපැත්වීම සාපේක්‍ෂව යහපත් තත්ත්වයකි. එහිදී රවි ස්වක්‍ෂේත්‍ර මෙන්ම මුල ත්‍රිකෝණ ගත බලයටද පත්වනු ඇත.

රජුගේ බලය උපරිමයෙන් ක්‍රියාත්මක වන රාශි දෙකකි. ඒ මේෂ හා සිංහ රාශිවේ. ඒ අනුව තමාගේ රාජමාලිගයේ රාජ සභාව කැඳවන අවස්ථාව ලෙස මෙම අවස්ථාව හඳුන්වා දිය හැක.

සූර්යයාගේ බලය උපරිම ලෙස විහිදා දැක්වෙන කාලයක් ලෙස මෙය හැඳින්විය හැක.

අගෝස්තු 17 සැප්තැම්බර් 17 අතර කාලය තුළ බොහෝ දේවාලවල දේවාල මංගල්‍යයන්ද මෙම සමයේ පැවැත්වීමද මෙසේ රවි සිංහ රාශිගතවීමට එක් හේතුවකි. ඒ අනුව රාජ්‍ය බලයද ඉහළට එසවෙන කාලයක් ලෙස මෙම කාලය හැඳින්විය හැක.

රට පාලනය කරනු ලබන පාර්ශව නිසි පරිදි රට පාලනය කරන්නේ නම් ඔවුන් කීර්තිය දසත පැතිරෙන කාලයකි.

රටේ පාලනය ක්‍රමවේදය, රාජ්‍ය පරිපාලනය, ආයතනික නීති රාමු ආදිය යම් වෙනසකට භාජනය වන කාලයකි. අධ්‍යාපනික කටයුතු වලට හොඳ තීන්දු ගනු ඇත.

මෙම කාලය සිල්වත් ස්වාමීන් වහන්සේලාට ඇප උපස්ථාන කිරීම, මුතුකුඩ පූජා කිරීම ආදිය ඉතා යෝග්‍යයි.

● මේෂ

අධ්‍යාපනික කටයුතු දියුණු කරයි. මතක ශක්තිය වර්ධනය වේ. සමාජයේ ඉහළ තැනකට යෑමට අවස්ථාව උදාවේ. නව තනතුරු ලාබ ලැබේ.

● වෘෂභ

දේපල සම්බන්ධ ප්‍රශ්න උදාවේ. දණහිස, කොන්ද ආශ්‍රිත රෝග සුවපත් වන කාලයකි. පදිංචි ස්ථානයේ වෙනසක් සිදුවේ. කෙටි ගමන් යෙදේ.

● මිථුන

පෞරුෂත්වය ඉහළ යයි. තම අභිමතය පරිදි බොහෝ දේ කිරීමට අවස්ථාව උදාවේ. සමාජ ගෞරවයට පාත්‍රවන කාලයකි. අලුත් වැඩවලට ශුභයි. විවාහ යෝජනා උදාවේ.

● කටක

වාග් ශක්තිය ඉහළ යයි. අලුත් ධන මාර්ග විවර කර ගැනීමේ අවස්ථාව උදාවේ. පවුලේ දියුණුව උදෙසා කැපවන කාලයකි. ඉවසීමද ප්‍රගුණ කළ යුතුයි.

● සිංහ

තම බලය ඉතා උසස් වේ. සිතූ පැතූ දේ ඉටුකිරීමට අවස්ථාව උදාවේ. කාලය කළමනාකරණය තුළින් තම ව්‍යාපාරික අවස්ථා උදාකරගත හැකි අතර ආඩම්බරකම නිසා ප්‍රශ්න උදාවිය හැක.

● කන්‍යා

පාද ආශ්‍රිත රෝගවලින් ප්‍රවේශම් වන්න. රාත්‍රී ගමන් බිමන් උදාවිය හැක. යුග ජීවිතයේ ගැටුම් උදාවිය හැකි කාලයකි. විදේශගතවීම් වලට යහපත් වේ.

● තුලා

නව ව්‍යාපාර පටන්ගැනීමට ඉතා ශුභයි. අතිරේක ධන ධාන්‍ය ලාබ ලැබේ. පියා සමඟ තිබූ අමනාප දුරුවෙයි. නැතහොත් පියා හෝ පියපස ඥාති උදව් ලැබේ. වැඩ අධික වේ.

● වෘශ්චික

රජයේ රැකියාවල නිරත අය තරමක් ප්‍රවේශම් වන්න. නව වෘත්තිමය අවස්ථා උදාවේ. පියා සමඟ ගැටුම් උදාවේ. ආදායමට ශුභයි. සම්මුඛ පරීක්‍ෂණ වලින් ජය හිමිවේ.

● ධනු

අධ්‍යාපනික කටයුතු කෙරෙහි උනන්දුව වැඩිවේ. උසස් අධ්‍යාපනික සිහින සැබෑ කරයි. අධ්‍යාත්මික තත්ත්වයද උසස් වේ. පෙර පින ඉස්මතු වේ. බොහෝ දැනුම ඇති අය හමුවේ.

● මකර

විවාහයෙන් පසු මුණ ගැසුණු ඥාතීන්ගෙන් ප්‍රවේශම් වන්න. විවිධ රෝග උදාවිය හැක. අධික කාර්ය බහුලවන කාලයකි. විවිධ කෙටි ගමන් බිමන් නිතර යෙදේ. මුදල් පසුම්බිය පරිස්සම් කරගන්න.

● කුම්භ

විවාහ කටයුතු සඵල කරයි. බිරිඳට, ස්වාමියාට යහපත් කාලයකි. හවුල් ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට ඉතා සුබ කාලයකි. පොදු කටයුතු වලදී නායකත්වය උදාවේ.

● මීන

සතුරු බල අඩපණ කිරීමට හැකිවේ. මානව සම්පත් කළමනාකරණය සම්බන්ධව යහපත් වේ. උසස් සේවකයින් ලැබේ. සමාජයේ නමක් දිනාගනී.

රවි රාජ භවනට රටවැසියෝ සීරුවෙන්

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාඥ
ආචාර්ය කැලුම් ගුණතිලක
දු.ක. 0778995353

advertistmentadvertistment
advertistmentadvertistment