පුබුදු ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් තරගාවලියට මුදල් පරිත්‍යාගයක්

43

මතුගම යටදොලවත්ත පුබුදු ක්‍රීඩා සමාජය මඟින් සංවිධානය කරන ක්‍රිකට් තරගාවලිය සඳහා අවශ්‍ය කුසලාන මිලදී ගැනීම පිණිස කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ප්‍රසන්න අමරසේකර මහතා විසින් මුදල් පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.

ක්‍රිකට් විනිසුරු රම්‍යනාත් සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධීකරණය මත මෙම කටයුතු සිදු වූ අතර ඊට සමගාමීව එම ක්‍රීඩා සමාජයට ක්‍රීඩා භාණ්ඩ ලබා දීමක් ද ප්‍රසන්න අමරසේකර මහතා විසින් සිදු කරන ලදී. එම අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment