හොර ඔප්පු හැදූ නීතිඥයාගේ ලෝගුව ගැලවෙයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආඥාවක්

3241

වංචනික ලෙස ඉඩම් ඔප්පුවක් සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයකුට නීතිඥ ධුරයේ තවදුරටත් කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ආඥාවක් නිකුත් කළේය.

අධිකරණය හමුවේ පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අරුප්පොල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එච්. ඒ. මහින්ද රත්නායක නමැති නීතිඥවරයාට අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජා හා මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල එකී ආඥාව නිකුත් කළහ.

එම ආඥාව වහාම රෙජිස්ටාර් ජනරාල්වරයා වෙත යවන ලෙසට ද විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටාර්වරයාට නියෝග කළහ. එම නීතිඥවරයාට එරෙහිව ව්‍යාජ ඔප්පු සකස් කිරීම ඇතුළු චෝදනා හතරක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක් විභාග කළ මහනුවර මහාධිකරණය එම චෝදනා හතරටම ඔහු වරදකරු බවට නිගමනය කොට තිබිණි. ඉන් එක් චෝදනාවකට රුපියල් 500ක දඩයක් නියම කර සෙසු චෝදනා තුනට බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවම් නියම කිරීමෙන් පසුව එම මහාධිකරණයේ රෙජිස්ටාර්වරයා විසින් එම තීන්දු ප්‍රකාශයේ පිටපතක් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර තිබිණි. ඒ අනුව පසුගිය වසරේ ඔක්තෝබර් 20 වැනිදා නොතිසි නිකුත් කොට විත්තිකාර නීතිඥවරයා කැඳවා පැවැත්වූ දීර්ඝ විභාගයකින් අනතුරුව එකී තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment