24 වැනි ජාතික කාන්තා හොකී තරගාවලියේ ශූරතාව ආරක්ෂක සේවා කණ්ඩායමට

88

ශ්‍රී ලංකා හොකී සම්මේලනය මඟින් සංවිධානය කළ පසුගියදා වෙන්නප්පුව ඇල්බට් පීරිස් ක්‍රීඩාංගණයේදී පැවති 24 වැනි ජාතික කාන්තා හොකී තරගාවලියේ ශූරතාව ආරක්ෂක සේවා කාන්තා හොකී කණ්ඩායම දිනා ගැනීමට සමත් වූහ.

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් දහයක් තරඟ වැදුණු අතර අවසන් මහා තරගය සඳහා වෙන්නප්පුව කාන්තා හොකී කණ්ඩායම සහ ආරක්ෂක සේවා කාන්තා හොකී කණ්ඩායම තරග වැදුන අතර තියුණු තරගයකින් පසු ආරක්ෂක සේවා කාන්තා හොකී කණ්ඩායම ගෝල 3-0 ක් ලෙස ශූරතාවය දිනා ගත්හ.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූයේ ඒකාබද්ධ ආරක්ෂක සේවා කාන්තා කණ්ඩායමේ සඳලි පෙරේරාය.

දක්ෂතම බෝල රැකීමේ ක්‍රීඩිකාව වූයේ ඒකාබද්ධ විශ්වවිද්‍යාල කණ්ඩායමේ එස්. ඩබ්ලිව්. අසානි ක්‍රීඩිකාවයි.

ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සභාපති පී. විශ්වනාදන් මහතා හා තරගාවලිය සඳහා පූර්ණ අනුග්‍රහය ලබාදුන් වෙන්නප්පුව මැක්සීස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂිකා සතී පෙරේරා මහත්මිය අතින් ජයග්‍රහණ කණ්ඩායම කුසලානය ලබාගත් අයුරු ඡායාරූපයේ දැක්වේ.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment