ලග්න වාසනාව සුපිරි ධනයෝගය විශේෂ ටිකට්පත වෙළෙඳපොළට

159

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමඟින් අත්වැල් බැඳ සිටින ලොතරැයි පාරිභෝගික ඔබ වෙනුවෙන්ම වාසනාව උරුම කිරීමේ අරමුණින්, මේ වන විට ලොතරැයි වෙළෙඳපෙළේ සුවිශේෂීම ලොතරැයියක් වන ලග්න වාසනාව තුළින් “සුපිරි ධනයෝගය” නමින් විශේෂ ලොතරැයිපතක් වෙළෙඳපොළට හඳුන්වා දීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු කර ඇත. මෙම විශේෂ දිනුම් ඇදීම 2024 මාර්තු මස 27 දින සිදු කිරීමට නියමිත අතර, ඊට අදාළ ටිකට් පත් වෙළෙඳපොළට නිකුත් කිරීම පසුගිය දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති / ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශ්‍රයේ දී සිදුකරන ලදී.

ලග්න වාසනාව සුපිරි ධනයෝගය විශේෂ ටිකට්පත වෙළෙඳපොළට

මෙම අවස්ථාව සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කාර්ය මණ්ඩලය, බෙදාහැරීමේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සහ මාධ්‍ය හිතවතුන් පිරිසක් මේ සඳහා සහභාගි විය.

ලග්න වාසනාව සුපිරි ධනයෝගය විශේෂ ටිකට්පත වෙළෙඳපොළට
advertistmentadvertistment
advertistmentadvertistment