LOLC දිවි සවිය අධ්‍යාපනික මානුෂීය මෙහෙවර ජාතික පිළිගැනීමකින් බුහුමන් ලබයි

43

කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ “LOLC දිවි සවිය” විශිෂ්ට මානුෂීය ප්‍රයත්නය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් ගෞරවනීය පිළිගැනීමක් හිමිකරගනු ලැබීය.

මෙම ඓතිහාසික අවස්ථාව දිවයිනේ අධ්‍යාපන පසුබිම සාරවත් කිරීමට දරන ක්‍රියාශීලි මෙහෙවර වෙනුවෙන් පෞද්ගලික අංශයේ ආයතනයක් මෙතරම් ගෞරවනීය ජාතික මට්ටමේ පිළිගැනීමකට ලක්වූ ප්‍රථම අවස්ථාවද සනිටුහන් කරයි.

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා සහ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කිත්සිරි ගුණවර්ධන මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය සහ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් උදාරා දික්කුඹුර මහත්මිය සමඟ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙතින් මෙම ගෞරවනීය ප්‍රශංසාව කාරුණිකව පිළිගනු ලැබීය.

මෙම ඇගයුම් උත්සවය පසුගිය 14 වැනිදා බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණ.

මෙම උත්සවයේදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය ප්‍රේමජයන්ත මහතා, “LOLC වෙත නිසැකවම හිමිවිය යුතු මෙම ජාතික ගෞරවය ලැබීම පිළිබඳව මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි. දිවි සවිය වැඩසටහන ආරම්භයේ සිට මෙන්ම එම ජාතික කර්තව්‍යය ඉදිරියට පවත්වාගෙන යද්දී LOLC ආයතනික පුරවැසිභාවය උදෙසා ප්‍රශංසනීය ප්‍රමිතියක් ස්ථාපිත කල අතර, ධනාත්මක සමාජ පරිවර්තනයක් ඇතිකිරීම උදෙසා පෞද්ගලික අංශයේ ආයතනවලටද කැපී පෙනෙන බලපෑමක් සිදුකළ හැකි බව පෙන්නුම් කර තිබේ. අධ්‍යාපනය සඳහා වන සිය පරිපූර්ණ ප්‍රවේශය ඔස්සේ LOLC විසින් ධනාත්මක සමාජ පරිවර්තනයක් ඇති කිරීමේ නව ප්‍රමිතීන් සකසමින්, ජාතික සංවර්ධනය වෙනුවෙන් සැබෑ මාර්ගෝපදේශකයෙකු ලෙස සිය ස්ථාවරය තහවුරු කර ඇත. මෙම මඟ ඔස්සේ යමින්, ජාතියේ අවශ්‍යතාවන් සපුරාලමින්, රට නැගුමට දායක වන ලෙස මම පෞද්ගලික අංශයේ අනිකුත් ආයතනවලින්ද ඉල්ලා සිටිමි.

LOLC සමූහය ලද මෙම ජාතික පිළිගැනීම පිළිබඳව අදහස් දක්වමින් LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා මෙසේ පැවසීය. “මෙම කීර්තිමත් ජාතික පිළිගැනීම අපි නිහතමානීව පිළිගන්නා අතර, අධ්‍යාපන අමාත්‍යාංශය ඊට ලබාදුන් ස්ථාවර සහයෝගයට බෙහෙවින් කෘතඥ වෙමු. සැබෑ ආයතනික පුරවැසියෙකු ලෙස අපගේ ප්‍රයත්නයට අගයක් ලබාදෙමින්, කලාපය තුළ සමාජ වගකීම් ක්‍රියාමාර්ගවලට ආලෝකයක් වෙමින්, ප්‍රජා සුබසාධනය උදෙසා LOLC හි අඛණ්ඩ දායකත්වය මෙම සම්මානය මගින් අවධාරණය කරයි. මෙම ජාතික මට්ටමේ පිළිගැනීමෙන් නව ජීවයක් ලැබූ අපගේ දිවි සවිය වැඩසටහනේ අඛණ්ඩ සාර්ථකත්වයත් සමඟ, දිවයින පුරා ශිෂ්‍ය ප්‍රජාවේ සිත්සතන් වලට තිරසාර බලපෑමක් ජනිත කරලීම උදෙසා අපගේ මානුෂීය ගමන් මගේ නව නිම් වළලු‍ කරා ළඟා වෙමින් අපගේ උත්සාහය තවදුරටත් පුළුල් කිරීමට අදිටන් කරගෙන සිටිමු.”

advertistmentadvertistment
advertistmentadvertistment