Cinnamon Nature Trails වෙතින් නාගරික පරිසර සංචාරක ක්ෂේත්‍රයට නව අත්දැකීමක්

34

Cinnamon Hotels & Resorts හි වනජීවී සහ සොබාදහම ඉලක්ක කරගත් සංචාරක අංශය වන Cinnamon Nature Trails වෙතින් පාරිසරික චාරිකා පිළිබඳ විශේෂඥ වැඩපිළිවෙළක් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පසුගියදා හඳුන්වා දෙනු ලැබීය.

තිරසර සංචාරක භාවිතාවන් සඳහා ප්‍රමුඛතාව දෙමින්, ආයතනික ස්වභාවවේදීන් සකස් කරන ලද මෙම සුවිශේෂී වැඩපිළිවෙළ අංග 5කින් සමන්විත අතර නගරාශ්‍රිත පරිසර විවිධත්වය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

Cinnamon Nature Trails යනු වසර ගණනක් පුරා BBC Natural History Productions , Nat Geo Wild සහ මෑතකදී BBC Studios විසින් නිර්මාණය කළ BBC Planet Earth 3 වැනි සුප්‍රකට වනජීවී වාර්තා චිත්‍රපට සඳහා දායකත්වය ලබා දුන් විශේෂඥ කණ්ඩායමකි.

මෙම නව වැඩපිළිවෙළ මඟින් කොළඹ දිස්ත්‍රික්කය පාරිසරික සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස හඳුන්වා දීමට උත්සහ දරා ඇත. Cinnamon Nature Trails උප සභාපති චිත්‍රාල් ජයතිලක මහතා මේ පිළිබඳ අදහස් දක්වමින්, “කාර්යබහුල කොළඹ නගරය සංචාරක අත්දැකීම් අතින් පොහොසත් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා අපගේ විශේෂඥ කණ්ඩායම දරන ලද උත්සාහය පිළිබඳ අප ඉතාමත් සතුටට පත් වෙනවා. ඉතා සැලකිල්ලෙන් සකස් කරන ලද මෙම චාරිකා ව්‍යාපෘතිය හරහා නාගරික අවකාශයක් තුළ ලැබිය හැකි අපූරු අත්දැකීමක් සංචාරකයන් වෙත සමීප කිරීමට අප සමත්ව ඇති අතර කොළඹ ආශ්‍රිත පරිසරයේ සුන්දරත්වය සහ චමත්කාරය අත්විඳීමට ඔවුන්ට මෙමඟින් අවස්ථාව සලසා දී තිබෙනවා.”

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment