වසන්ත මල් දැක්මේ රාජ්‍ය අංශයේ හොඳම මල් වත්තට හිමි සම්මානය නුවරඑළිය ලංකා බැංකු ශාඛාවට

82

නුවරඑළිය වසන්ත මල් දැක්මේ රාජ්‍ය අංශයේ හොඳම මල් වත්ත සම්මානය නුවරඑළිය ලංකා බැංකුව අඛණ්ඩව විසිවෙනි වරටත් දිනා ගනී.

සුන්දර නුවරඑළිය සැළලිහිණි වසන්තයට සමගාමීව නුවරඑළිය මහ නගර සභාව සංවිධානය කරනු ලබන වසන්ත මල් දැක්ම 2024 රාජ්‍ය අංශයේ හොඳම මල් වත්තට හිමි සම්මානය නුවරඑළිය ලංකා බැංකුව විසින් දිනාගෙන ඇත,

මෙලෙස ලංකා බැංකුව එම සම්මානයෙන් පාත්‍ර වී ඇත්තේ අඛණ්ඩව විසිවෙනි වතාවට වීම විශේෂත්වයකි.

ඡායාරූප විස්තරය

කළමනාකරු චන්ද්‍රගුත්ත සේනානායක හා උද්‍යාන සේවක මහතා නුවරඑළිය හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ මහතා අතින් සම්මානය ලබා ගත් අයුරු.

නාලක රත්නායක – නුවරඑළිය

advertistmentadvertistment
advertistmentadvertistment