ඝාතනයකට අල්ලන්න සෙවූ අය විදෙස්ගත වීමට යද්දී පොලිසියට කොටු

90

මාතර කරන්දෙණිය ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ලද නියෝගයක් මත විමර්ශන කටයුතු සිදුකරමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් සිද්ධියට අදාළ සැකකරුවකු පිළිබඳ ලද තොරතුරු මත අත්අඩංගුවට ගැනීමට යෑමේදී එම පුද්ගලයා ව්‍යාජ ගමන් බලපත්‍රයකින් විදෙස්ගත වීම සඳහා කටුනායක ගුවන් තොටුපළේ රැඳී සිටින බවට ලද බුද්ධි තොරතුරක් මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට කරුණු වාර්තාකර ලබාගත් රඳවා ගැනීමේ නියෝග මත සිදු කළ විමර්ශනවලදී 04 වැනි දින සවස පූගොඩ පොලිස් වසමේ ඇස්වත්ත ප්‍රදේශයේ පාළු භූමියක සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ එම ගිනි අවියට යොදනු ලබන ජීව උණ්ඩ 02ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කුඩා පැකට්ටුවක් සොයා අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය පවසයි.

කරන්දෙණිය ප්‍රදේශයේ සිදුවූ ඝාතනය දැනට රටින් පලා ගොස් විදෙස් රටක සැඟව සිටින පාතාල සංවිධානාත්මක අපරාධ කල්හි නායකයකු වන කරන්දෙණියේ සුද්දා නැමැත්තා විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සිදුකළ එකක් බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමේදී කරන්දෙණියේ සුද්දා නමැත්තාගේ මත්ද්‍රව්‍ය හා ගිනි අවි ජාවාරමට සම්බන්ධ හංවැල්ල රනාල ප්‍රදේශයේ පදිංචි අත්අඩංගුවට පත්ව ඇති සැකකරු ක්‍රියා කර ඇති බවට අනාවරණය වීමත් සමග සැකකරු අත්අඩංගුවට ගැනීමට සෙවීමේදී ඒ පිළිබඳව සැකකරු විසින් දැන ගැනීමත් සමග රටින් පැනයෑමට උත්සාහ කර ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

එලෙස රටින් පිටව යෑම සඳහා ව්‍යාජ ගමන් බලපත්‍රය සකස් කිරීමට උදව් උපකාර කළ පුද්ගලයන් අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිටින්නේද නැතහොත් ව්‍යාජ ගමන් බලපත්‍රය මෙම පුද්ගලයාට ලැබුණු ආකාරය පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

සොයාගත් පිස්තෝල ගිනි අවියෙන් මනුෂ්‍ය ඝාතන හා වෙනත් අපරාධ ක්‍රියාවන් සඳහා යොදාගෙන ඇත්දැයි සොයා පරීක්ෂණ සිදු කරන බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

අත්අඩංගුවටපත් සැකකරු හංවැල්ලල රනාල ප්‍රදේශයේ පදිංචි 4ෆ වැනි වියේ පසුවන පුද්ගලයෙක් බවත් පොලිසිය පැවසීය.

සැකකරු06 වැනි දින නැවත අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රඳවා ගැනීමේ නියෝග ලබා ගනිමින් ඉදිරි පරීක්ෂණ හා විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිත බව ද පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රන්දෙණිය, සහකාර පොලිස් අධිකාරී කළුආරච්චි, සහකාර පොලිස් අධිකාරී ගමගේ යන මහත්වරුන්ගේ ඍජු අධීක්ෂණය මත පොලිස් පරීක්ෂක වික්‍රමාරච්චි, උප පොලිස් පරීක්ෂක පියල්, පොලිස් සැරයන් (10030) මහේෂ් (40947) ගමගේ, (70701) සම්පත් ඇතුළු නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment