අර පක්‍ෂයටමේ පක්‍ෂයට ඡන්දය දෙන්නැයි මා කියා නෑ – කාදිනල්තුමා

150

තමා කිසි දිනක කිසිදු පක්ෂයකට තමන්ගේ ඡන්දය පාවිච්චි කරන ලෙස ඉල්ලා නැති බවත් පාස්කු ප්‍රහාරයට සාධාරණත්වය ඉෂ්ට කරන්නට පියවර නොගන්නා පක්ෂවලට ඡන්දය නොදෙන ලෙස සඳහන් කළ බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වේ.

මෙතෙක් අප වෙත පාස්කු ප්‍රහාරයේ සත්‍යය පිළිබඳ විමර්ශනය කරන බවට සහතිකවී ඒ පිළිබඳ ඔවුන්ගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇති පක්ෂ ලෙස සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය හඳුන්වා සිටියෙමි. ඒ අයුරින් වෙනත් දේශපාලන පක්ෂවලටද එසේ කරන්නට ඉඩකඩ ඇති බව දන්වා සිටිමි.

අපි මේ සැමගෙන් එදා සිට ඉල්ලා සිටියේත් අද ඉල්ලා සිටින්නේත් පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණ විනිවිද පෙනෙන විමර්ශනයක් සිදු කරන ලෙසයි. එවැනි විසඳුමක් ලබාදෙන ඕනෑම පක්‍ෂයකට තමන්ට කැමැති අයුරින් ඡන්දය ප්‍රකාශ කිරීමට මේ රටේ සියලුම පුරවැසියන් දිරිමත් කරන්නට කැමැත්තෙමි.

එලෙසම, පාර්ලිමේන්තු ගර්භය තුළ පදනම් විරහිත ලෙස මට විවිධාකාරයේ චෝදනා නඟමින් ඇතැම් මන්ත්‍රීවරුන් හැසිරුණු ආකාරය කනගාටුදායක බව ප්‍රකාශ කරන්නටද කැමැත්තෙමි. වගකීමෙන් තොරව තමන්ට හිතෙන හිතෙන ආකාරයට මිනිසුන්ට විරුද්ධව චෝදනා කිරීම සත්‍යයට යුක්තියට විරුද්ධව කරන පාපයක් බව ඔවුන් සිහිතබා ගනියි නම් එය වඩාත් සුභදායකය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment