ශ්‍රී ලංකාවට අයි.එම්.එෆ් ගන්න චීන ප්‍රතිචාර මදි

128

සිසුන්ට දිවා ආහාරය දෙන්න ඩොලර් මිලියන 30 ක්
ඇමරිකාවේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙනු ලබන ණය ආධාරය ඉතා ඉක්මනින් ලබාදෙනු ඇතැයි ඇමරිකාව බලාපොරොත්තු වන බව ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ස් මහත්මිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාවට අයි.එම්.එෆ් ගන්න චීන ප්‍රතිචාර මදි

කෙසේ නමුත් මෙම ණය නිකුත්කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය සෑහීමකට පත්වන ආකාරයේ ප්‍රතිචාරයක් මෙතෙක් චීනය දක්වා නැති බව මෙහිදී නූලන්ස් මහත්මිය අවධාරණය කළාය.

මෙරට පාසල් ළමුන්ගේ දිවා ආහාරය ලබාදීම සඳහා ඩොලර් මිලියන 30 ක ආධාරයක් ඇමරිකානු රජය මගින් ලබාදෙන බවත් මෙහිදී ලේකම්වරිය පැවසුවාය.

පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකාව ඩොලර් මිලියන 240 ක ආධාර ලබාදී ඇති බවත් ඇය පැවසුවාය.

මාර්තු 09 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය ගැනත් ඇමරිකාව බලා සිටින බව නූලන්ස් මහත්මිය මෙහිදී ප්‍රකාශ කර සිටියාය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම වෙනුවෙන් ඇමරිකාව සැමවිමට පෙනී සිටින බවත් ඇය ප්‍රකාශ කළාය.

එසේම ත්‍රස්ත මර්දන පනත වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සුදුසු වෙනස්කම් කරනු ඇති බව තමන් බලාපොරොත්තු වන බවත් උතුරේ ඉඩම් නිදහස් කිරීම කඩිනම් කරනු ඇතැයි ද තමන් බලාපොරොත්තු වන බව නූලන්ස් මහත්මිය පවසා සිටියාය.

ඇය මේ කරුණු සඳහන් කළේ ඊයේ කොළඹදී පැවැති පුවත්පත් සාකච්ඡාවකදීය. එම සාකච්ඡාව සඳහා මෙරට ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය ද සහභාගිව සිටියාය.
චතුර පමුණුව, ඡායාරූපය – තුෂාර අතපත්තු

නිල සංචාරයක් සඳහා ඊයේ (01දා) දිවයිනට පැමිණි ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාව.

advertistmentadvertistment
advertistmentadvertistment