යූනියන් ඇෂුවරන්ස් වෙතින් 2023 වසර සඳහා 13.5%ක සුවිශිෂ්ට ලාභාංශ අනුපාතයක්

60

විශිෂ්ටත්වය සහ පාරිභෝගික-කේන්ද්‍රීය ප්‍රවේශයක් වෙනුවෙන් කැපවුණු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස් සමාගම, 2023 මූල්‍ය වර්ෂය සඳහා සමස්ත ජීවිත රක්ෂණ හිමියන්ගේ ලාභාංශ අනුපාතය 13.5%ක් වන බව සාඩම්බරයෙන් යුතුව නිවේදනය කරයි.

2023 වසර සඳහා පැවති සහතික කළ අවම ලාභාංශ අනුපාතය වූ 10% හා සසඳන විට, මෙම 13.5%ක් වන සුවිශිෂ්ට ලාභාංශ අනුපාතය අපේක්ෂිත අනුපාත අගයයන් ඉක්මවා යමින්, සමාගම සිය මූල්‍ය ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව යළිත් වරක් පෙන්නුම් කර තිබේ. මෙම ජයග්‍රහණය සමාගමේ ශක්තිමත් කාර්ය සාධනය අවධාරණය කිරීමක් පමණක් නොව, ගනුදෙනුකරුවන්ට සහ කොටස් හිමියන්ට එක සේ උපරිම වටිනාකම් හිමි කර දෙන විශ්වාසවන්ත හවුල්කරුවෙකු ලෙස එහි ස්ථාවරය යළි තහවුරු කිරීමකි.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මහතා සඳහන් කළේ, ‍අපගේ පාර්ශවකරුවන්ට උපරිම වටිනාකමක් ලබා දීම සඳහා අප තුළ ඇති කැපවීමට පැහැදිලි සාක්ෂියක් ලෙස 2023 වසර සඳහා අපගේ සහතික කළ ලාභාංශ අනුපාතය අභිබවා යමින් සුවිශිෂ්ට ලාභාංශ අනුපාතයක් ප්‍රකාශයට පත් කිරීමට ලැබීම අපට සතුටක්. මෙය පසුගිය දශකය තුළ ප්‍රකාශිත ඉහළ ම ලාභාංශය වන අතර, ප්‍රබල බාහිර අභියෝග හමුවේ වුවත් වසර ගණනාවක් පුරා අපගේ තිරසර ප්‍රගතිය පෙන්නුම් කිරීම සැලකිය යුතු කරුණක්, යනුවෙනි.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනී, ආශා පෙරේරා මහත්මිය සඳහන් කළේ, ර්‍ණ‍2023 සඳහා 13.5%ක ලාභාංශ අනුපාතයක් ප්‍රකාශයට පත් කිරීමට හැකි වුණේ, යූනියන් ඇෂුවරන්ස් සමාගමේ විශිෂ්ට මූල්‍ය කළමනාකරණය සහ විචක්ෂණශීලී ආයෝජන උපාය මාර්ග මත පදනම්වයි. අපගේ විනයගරුක ප්‍රවේශය සහ දිගු කාලීන වටිනාකම් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, වෙනස් වන වෙළෙඳපොළ හැසිරීම්වලට අනුවර්තනය වීමට ඇති හැකියාව අපගේ සාර්ථකත්වයට ඉවහල් වී තිබෙනවා. යූනියන් ඇෂුවරන්ස් සමාගම පිළිබඳ අඛණ්ඩ විශ්වාසය සහතික කරමින් අපගේ සියලු‍ ම පාර්ශවකරුවන්ට විශිෂ්ට ප්‍රතිලාභ සහ වටිනාකමක් ලබා දීමට අපි කැපවී සිටිනවා.‍

advertistmentadvertistment
advertistmentadvertistment