මත්වෙන්න බෙහෙත් දෙන ෆාමසි වටලයි

123

යුක්තියෙන් අලුත් පියවරක්…

ඖෂධ වට්ටෝරු රහිතව මත්ද්‍ර්‍යවලට ඇබ්බැහි වූවන්ට අධි මාත්‍රාවෙන් ඖෂධ අලෙවිකරන ඖෂධහල් දීපව්‍යාප්තව වැටලීමේ මෙහෙයුමක් යුක්තිය මෙහෙයුම යටතේ ආරම්භ කර ඇත.

යුක්තිය මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමත් සමග ම රටපුරා මත්ද්‍රව්‍ය හිඟයක් නිර්මාණය වී ඇති අතර මතට ඇබ්බැහි වූවන් මත්වීම සඳහා විවිධ ඖෂධ වර්ග අධිමාත්‍රාවෙන් භාවිත කිරීමට පුරුදුවී සිටින බවට පොලිසිය වෙත තොරතුරු ලැබී තිබේ.

යුක්තිය මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විවිධ ඖෂධ අධි මාත්‍රාවෙන් අලෙවිකරන ඖෂධහල් වැටලීමේ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවේ ඒ නිසා බැව් උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

මෙම ඖෂධහල් වැටලීමේ මූලික පියවරක් ලෙස බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගෙන 20 සහ 21 දිනවල ඖෂධහල් වැටලීමේ මෙහෙයුමක් පොලිසිය සහ ඖෂධ නියාමන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලැබීය.

එහිදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට ඖෂධ වට්ටෝරු නොමැතිව අධි මාත්‍රාවෙන් ඖෂධ අලෙවි කළ ව්‍යාපාරික කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නිලධාරීහු සමත්වූහ. මෙහිදී මෙම ඖෂධ අලෙවිහල්වල තිබී මත්පෙති 10,287ක් ද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment