කිරි හිරවී දින පහක් වයසැති බිළිඳා මරුට

41

දින 05ක් වයසැති බිළිඳු දරුවකු කිරි හිරවීමෙන් මරණයට පත්වූ පුවතක් බළන්ගොඩ මූලික රෝහලේ ඉකුත්දා පැවති මරණ පරීක්‍ෂණයකදී අනාවරණය විය. ඥානසුන්දරම් නස්පියා නමැති දරුවාගේ මව විසින් බිහිකළ මෙම දරුවාට නමක් තබා නොතිබූ බවද වාර්තා වේ.

පශ්චාත් මරණ පරීක්‍ෂණය බළන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අයි. එම්. රත්නායක මහත්මිය විසින් සිදුකරන ලදී.

සාක්‍ෂි මෙහෙයවීම පින්නවල පොලිසියේ පො.සැ. (60508) මිල්ලකහගොඩ මහතා විසින් සිදුකළ අතර බළන්ගොඩ හදිසි මරණ පරීක්‍ෂක පත්මේන්ද්‍ර විජයතිලක මහතා සඳහන් කළේ මාරතැන්න මාරතැන්න ප්‍රදේශයේ සිය නිවසේදී මව විසින් කිරි පෙවීමෙන් පසුව දරුවා මරණයට පත්ව ඇති බවයි.

බළන්ගොඩ – එන්. එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment