පොතුහැරදී ලොරි ත්‍රිරෝද එකිනෙක ගැටී ත්‍රිරෝදයේ ගමන්ගත් තිදෙනෙක් මරුට

45

කොළඹ – කුරුණෑගල මාර්ගයේ පොතුහැර බුළුගොල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ එළවළු පටවාගත් ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් තිදෙනකු මරුමුවට පත්වී ඇතැයි පොතුහැර පොලිසිය පවසයි.

මෙම අනතුර පෙරේදා (05 වැනිදා) රාත්‍රී 10.30 ට පමණ සිදුවී තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ කුරණෑගල වැහැර පදිංචිව සිටි ශාමින්ද ලසන්ත කුමාර (39), රන්කොන්දුරයලාගේ විජයරත්න බණ්ඩාර (38) හා හේරත් මුදියන්සේලාගේ අසේල විරාජ් ප්‍රියංකර (30) යන තිදෙනා වේ. ඔවුන් සමග ගමන්ගත් තවත් අයකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සම්බන්ධයෙන් එළවළු ලොරියේ රියැදුරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි. මේ පිළිබඳව පොතුහැර පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පො.ප. කෝලිත රණතුංග මහතාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. අධිකාරි මහතාගේ මෙහෙය වීමෙන් පො.සැ. සෙනෙවිරත්න (68320), පො.කො. නුවන් (72173) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ පොතුහැර වාර්තාකරු

advertistmentadvertistment
advertistmentadvertistment