කෝප්-කෝපා කමිටුවලින් රංජිත්-ලසන්ත හැලිලා

63

රජයේ ගිණුම් කාරක සභාව (කෝපා) සහ පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සභාපතිවරුන් ලෙස සේවය කළ ලසන්ත අලගියවන්න සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරුන් එම කාරක සභාවේ සාමාජිකයන් ලෙස හෝ මෙවර නම් කර නැත.

ඒ අනුව රජයේ ගිණුම් කාරක සභාවට නම් කර ඇත්තේ තිස්ස අත්තනායක, කබීර් හෂීම්, නිරෝෂන් පෙරේරා, ජේ. සී. අලවතුවල, අශෝක් අබේසිංහ, සිවඥානම් ශ්‍රීදරන්, හෙක්ටර් අප්පුහාමි, උදයකුමාර, වීරසුමන වීරසිංහ, හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන්ය.

පොදු ව්‍යාපාර කාරක සභාවට නම් කර ඇත්තේ අනුර කුමාර දිසානායක, රවුෆ් හකීම්, ඩිලාන් පෙරේරා, දයාසිරි ජයසේකර, ඉරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර, එස්. එම්. මරික්කාර්, හේෂා විතානගේ, ෂානක්කියන් රාසමානික්කම් ගාමිණි වලේබොඩ, චරිත හේරත් යන මන්ත්‍රීවරුන්ය.


අකිත පෙරේරා – රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment