‘සිනේමා’ ළඟ එනවා

929

”ප‍්‍රතිරූ” රිදී තිරයට ගෙන ආ වෛද්‍ය කපිල සූරියආරච්චිගේ නවතම සිනමා වියමන ”සිනේමා” මීළඟට රිද්මා මණ්ඩලයේ තිරගත වීමට නියමිතව ඇත. සිනමාවේ එදත් අදත් පවතින කටුක යථාර්ථයත්, සැබෑ නිර්මාණකරුවා යටපත් කර ව්‍යාජ නිර්මාණකරුවන් කූට ලෙසින් කරළියට පිවිසෙන අයුරු ගැටුම්කාරී මතබේදාත්මක වට පිටාවක් මැද වුවද , වඩාත් විචිත‍්‍රවත් හා සිත්ගන්නාසුලූ විලාසයෙන් පේ‍්‍රක්ෂක මනසට ගෝචරවන අන්දමින් ගෙන හැර පෑමට ” සිනේමා” අධ්‍යක්ෂවරයා සාර්ථක උත්සාහයක් මෙමගින් ගෙන ඇත. ප‍්‍රධාන චරිත හයක් වටා ගෙතී ඇති මෙම සිනමා කෘතිය මේ වන විටත් ජගත් සිනමා සම්මාන උළෙලයන් කිහිපයක්ම නියෝජනය කරමින් සම්මානයටත්, පැසසුමටත් පාත‍්‍රව ඇත.

'සිනේමා' ළඟ එනවා

සිනමාවට හඳුන්වා දෙනු ලබන මේඝ සූරියආරච්චි සමගින්, ශ්‍යාම් ප‍්‍රනාන්දු, බිමල් ජයකොඩි, නයනතාරා වික‍්‍රමාආරච්චි, ඩග්ලස් රණසිංහ, අයිරාංගනී සේරසිංහ, චාන්දනී සෙනෙවිරත්න, දුලීකා මාරපන, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ජගත් බෙනරගම, කළණි දොඩන්තැන්න, උදේන් අල්විස් සහ පසුගියදා අප අතරින් සමුගත් රොබින් ප‍්‍රනාන්දු, ගාමිණී හෙට්ටිආරච්චි ඇතුළු ප‍්‍රවීණ ජනප‍්‍රිය නළු නිළියන් රැුසකගේ රංගන දායකත්වයෙන් ”සිනේමා” හැඩවී ඇත. නිශාන්ත ප‍්‍රදීප් කැමරාකරණයෙන්ද, සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන් ප‍්‍රසංග නාපාවල, අංග රචනයෙන් සුසන්ත රාමසිංහ, කලා අධ්‍යක්ෂණයෙන් බුද්ධි සංජය සමගින් දිනේෂ් ඉන්දික විජේසිරි, නිෂ්පාදන කළමනාකරණයෙන් දමයන්ති ෆොන්සේකා, සංගීත අධ්‍යක්ෂණයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ, ගීත ගායනයෙන් විශාරද අමරසිරි පීරිස්, උරේෂා රවිහාරි, රන්ජන් සාලිය පෙරේරා සමගින් සිනමා පසුබිම් ගායනයට හඳුන්වා දෙන සේනක බටගොඩ ද සම්බන්ධ වී ඇති අතර, ගීත රචනය, කතාව තිර රචනය සහ අධ්‍යක්ෂණය වෛද්‍ය කපිල සූරිය ආරච්චිගෙනි. සිනමාව තම ආත්මය කරගත් මිනිසුන්ගේ හෘද සාක්ෂිය පිළිබිඹු කරන ”සිනේමා” චම්පික ජයනන්දනගේ නිෂ්පාදනයකි.

'සිනේමා' ළඟ එනවා

තිස්ස

advertistmentadvertistment
advertistmentadvertistment