සෙලාන් බැංකුවේ බැංකු රක්ෂණ විශිෂ්ටයන් යූනියන් ඇෂූවරන්ස් හි ඇගයීමට

95

ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකු රක්ෂණ සපයන්නා වන යූනියන් ඇෂුවරන්ස්, ‘Galactic Excellence‘ යන තේමාව යටතේ සෙලාන් බැංකුවේ බැංකු රක්ෂණ ක්‍රමය සඳහා වන 2022 වාර්ෂික සම්මාන රාත්‍රිය පසුගිය දා පැවැත්විය. 2023 මැයි මස 12 වන දින කොළඹ මැරියට් කෝට්යාර්ඩ් හෝටලයේදී පවත්වන ලද මෙම උත්සවයේදී ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ කලාප, ශාඛා සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇගයීම සහ ත්‍යාග පිරිනැමීම සිදු කෙරිණි. මෙම අවස්ථාවට යූනියන් ඇෂුවරන්ස්හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක, සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මානව සම්පත් ජයන්ත අමරසිංහ, සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ඉයුජින් සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

එම ත්‍යාග ප්‍රදානෝත්සවයේදී, බැංකු ශාඛා වෙනුවෙන් පිරිනැමෙන බැංකු රක්ෂණ ශූරතා පළිහ අනුරාධපුර ශාඛාව දිනා ගත් අතර, බැංකු කලාප වෙනුවෙන් පිරිනැමෙන බැංකු රක්ෂණ ශූරතා පළිහ Metro II ශාඛාවට හිමි විය. අනුරාධපුර ශාඛාව, මුට්වාල් ශාඛාව සහ කොළඹ ගෝල්ඩ් සෙන්ටර් ශාඛාව ශාඛා කාණ්ඩයේ ප්‍රධාන විධායක නිලධාරී සම්මාන දිනා ගත් අතර, ප්‍රාදේශීය කාණ්ඩයේ ත්‍යාගය ද Metro II ශාඛාව විසින් දිනා ගන්නා ලදී.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක සෙලාන් බැංකු කාර්ය මණ්ඩලය අගයමින් පැවසුවේ, “අසමසම කාර්යසාධනය සම්බන්ධයෙන් මම සෙලාන් බැංකුවට සුබ පතන්නේ ඉතාමත් සතුටින්. විශිෂ්ටත්වය වෙනුවෙන් සහ ඉහළ ම සේවා ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට ඔවුන් තුළ ඇති කැපවීම නිසා සැබැවින්ම ඔවුන් ක්ෂේත්‍රය තුළ අන් සමාගම්වලට වඩා වෙනස්. එවැනි ක්‍රියාශීලී සහ පුරෝගාමී ආයතනයක් සමග එක්ව වැඩ කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු,” යනුවෙනි.

සෙනත් ජයතිලක පවසන පරිදි, යූනියන් ඇෂුවරන්ස් බැංකු රක්ෂණ ක්‍ෂේත්‍රයෙහි විශාල ප්‍රගතියක් ලබා ඇති අතර සෙලාන් බැංකුව මෙම සාර්ථක කතාවේ වටිනා කොටස්කරුවෙක් බවයි. “ශ්‍රී ලංකාවේ පවතින ආරක්ෂණ පරතරය අවම කිරීමට බැංකු රක්ෂණය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනු ඇති බව මට විශ්වාසයයි. අපගේ සාර්ථක හවුල්කාරිත්වය අඛණ්ඩව පවත්වාගෙන යෑමට සහ ඊටත් වඩා දැවැන්ත සන්ධිස්ථාන සාක්ෂාත් කර ගැනීමට අපි බලාපොරොත්තු වන්නෙමු,” ඔහු පැවසීය.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ බැංකු රක්ෂණ ප්‍රධානී විශාන්ත් විජේසිංහ මහතා ද ජයග්‍රාහකයන් අගයමින් ප්‍රකාශ කළේ, “සෙලාන් බැංකුව, යූනියන් ඇෂුවරන්ස් සමාගමේ වටිනා හවුල්කරුවකු වී සිටින අතර, පාරිභෝගිකයන් තෘප්තිමත් කිරීම සඳහා ඔවුන්ගේ ඇති කැපවීම අපගේ අන්‍යෝන්‍ය සාර්ථකත්වයට ඉවහල් වී ඇත. මෙම හදුනා ගැනීම් සෙලාන් බැංකුවේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම, විශේෂඥභාවය සහ විශිෂ්ටත්වය කෙරෙහි ඇති ඔවුන්ගේ අවධානයට කදිම සාක්ෂි සපයන,” බව ය.

සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉයුජින් සෙනෙවිරත්න පැවසුවේ, බැංකු රක්ෂණ ක්‍රමයේ ජයග්‍රාහකයන් සුවිශේෂී ලෙස විශිෂ්ට ආකාරයෙන් ක්‍රියා කළ බවය. අභියෝගාත්මක වටපිටාවක ක්‍රියාත්මක වුව ද ඔවුන් තම ශක්‍යතා මැනවින් පෙන්නුම් කළ බව ඔහු සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment