පොතු කබර රෝගය සුවකරන චීන කටු ප්‍රතිකාර

137

පොතු කබර රෝගයේ මූලික අවස්ථාව වන්නේ සම පැලීම, දියර ගැලීම ආදී ලක්‍ෂණ මතුවීමය. එය ක්‍රමක් ක්‍රමයෙන් වැඩි වුවහොත් ශරීරයේ අප්‍රාණික බව, සන්ධි ඉඳිමුම, ඇස්වල පෙනීමේ දුර්වලතා, සමෙහි දැවිල්ලක් හට ගැනීම, නියපොතු අවපැහැ ගැන්වීම, නියපොතු දිරා යෑම, නින්ද නොයෑම, කේන්ති යෑම, මානසික ආතතිය ඇතිවීම ආදියද දැකිය හැකිය.

වියළි කාලගුණයක් සහිත පරිසරයකදී සමේ රෝගවල වර්ධනයක් දැකිය හැකිය. අලුතින් සමේ රෝග හට ගැනීමක් පමණක් නොව පවතින සමේ රෝගවල උත්සන්න වීමක්ද වියළි කාලගුණයකදී සිදුවේ.

සමේ රෝගවලදී බෝවන සහ බෝනොවන රෝග පවතී. පොතුකබර (Psoriasis) රෝගය යනු බෝනොවන ගණයට අයත් සමේ රෝගයකි. මෙය ජානමය බලපෑමක් නිසා හටගන්නා රෝගයක් ලෙස හඳුන්වයි. සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතාවයක් මත ඇතිවන, ප්‍රතිශක්තිකරණ පද්ධතියට එරෙහිව ක්‍රියා කිරීමේදී (Autoimmune disease) මතුවන රෝගයක් ලෙස සලකනු ලබයි.

හිස, නළල, කන් දෙපස, වැලමිට, දණහිස පුරා, ඉකිළි සහ පියයුරු යට ප්‍රදේශයන්හි ආදී ස්ථානවල පොතු කබර රෝගය බහුලවම හට ගනී.

තම රූ සපුව පිළිබඳව කොයි කවුරුත් සැලකිල්ලක් දක්වති. එබැවින් පොතුකබර රෝගය මතුවූ විට සමේ පැහැය වෙනස් වීම සහ හටගන්නා ලප මගින් සමේ පැහැපත් බවට හානි සිදුවේ.

පොතු කබර රෝගය හඳුනා ගැනීම

පොතු කබර රෝගය මතුවන විට මුල් අවස්ථාවේදී ක්‍ෂණිකව හඳුනාගැනීමට අපහසුය. හිසෙහි ඇති වුවහොත් හිස් හොරි ආකාරයෙන් පළමුව කුඩා බිබිලි හටගනී. පසුව ඒවා මණ්ඩලාකාර ලප බවට පත්වී පොතු වශයෙන් ගැලවී යෑමට පටන් ගනී.

පොතු කබර රෝගයේ මූලික අවස්ථාව වන්නේ සම පැලීම, දියර ගැලීම ආදී ලක්‍ෂණ මතුවීමය. එය ක්‍රමක් ක්‍රමයෙන් වැඩි වුවහොත් ශරීරයේ අප්‍රාණික බව, සන්ධි ඉඳිමුම, ඇස්වල පෙනීමේ දුර්වලතා, සමෙහි දැවිල්ලක් හට ගැනීම, නියපොතු අවපැහැ ගැන්වීම, නියපොතු දිරා යෑම, නින්ද නොයෑම, කේන්ති යෑම, මානසික ආතතිය ඇතිවීම ආදියද දැකිය හැකිය.

හිස, කන් දෙපස, වැලමිට, දණහිස ආදී ස්ථානවල පොතු කබර ලප ලෙස හටගත් විට සුදු පොතු සහිත උස්වූ රතු පැහැයට හුරු හෝ රිදී පැහැති ලෙස මතුවේ.

ඉකිළි සහ පියයුරු යට පොතු කබර රෝගය හටගත් විට දම්පාට කොරපොතු සහිතව මතුවීමක් දැකිය හැකිය.

පොතුකබර රෝගයේ අතුරු ආබාධ

සමේ රෝගයක් ලෙස පොතුකබර රෝගය මතුවී සම අවපැහැ ගැන්වීම, කැසීම ආදිය පමණක් මතුව, සිරුරට පීඩා ගෙනදීමට අමතරව හිස් කබලට බලපෑම් ඇතිවීම, හන්දිපත් වේදනාව, ආතරයිටිස් රෝග මතුවීම, ප්‍රතිශක්තීකරණය හීන කරවීම ආදී අතුරු ආබාධ මතුවිය හැකිය.

ප්‍රතිකාර

පොතුකබර රෝගය සඳහා චීන කටු ප්‍රතිකාර ක්‍රමය තුළ බොහෝ ප්‍රතිකාර ක්‍රම පවතී. මෙය සිරුර අභ්‍යන්තරයෙන් හටගන්නා රෝගයක් නිසා කිසිදු බාහිර ආලේපනයකින් තොරව පෙති වර්ග, දියර වර්ග පානයට නොදී චීන කටු වෛද්‍ය ප්‍රතිකාර (Acupuncture) මගින් ඉතාම කෙටි කලකින් රෝගය සුවපත් කළ හැකිය.

ඒ සඳහා දින 15 ත් 18 ත් අතර කාලයක් ප්‍රතිකාර ලබාගත යුතුය.

මෙහිදී සිරුරේ ඇති නිල ස්ථාන කිහිපයකට චීන කටු (Needle) මගින් තෙරපුම ඇති කරනු ලබයි. එම නිල ස්ථාන අතර Baihui (du 20) Quchi (fi 11), zusanli (st 36), lique (lu 7), chize (lu 5), Sanyinjiao (sp 6), xuehai (sp 10) යන නිල සඳහා චීන කටු ප්‍රතිකාරය මෙන්ම විද්‍යුත් උත්තේජන උපකරණ(Electric Stimulator) මෝසා (Moxa) උපකරණ භාවිතය මගින්ද ප්‍රතිකාර කරනු ලබයි. සමේ අවපැහැය නැති කිරීම සඳහා කොස්මැටික් ඇපරේටස් ආදී උපකරණ භාවිතය මගින් වර්ණ චිකිත්සාවද සිදුකරනු ලැබේ.

මෙම ප්‍රතිකාර ලබාගන්නා කාලය තුළ ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ, තක්කාලි වැනි සැර ආහාර වර්ග ගැනීමෙන් වැළකී සිටිය යුතුය. එසේම මත්පැන්, දුම්වැටි ආදිය පානයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතුය.

පලාවර්ග වැඩිපුර ආහාරයට ගැනීම, ජලය නිසි ලෙස දිනකට ලීටර් 2 1/2 ක් පමණ පානය, රසකාරක යෙදූ ආහාර වර්ග ගැනීමෙන් වැළකී සිටීම ආදිය කළ යුතුය.

සැහැල්ලු ඇඳුම් ඇඳීම කළ යුතුය. සිරුරට තද වන ඇඳුම් ඇඳීම සුදුසු නැත. දිනපතා ස්නානය කළ යුතුය. තමාගේ ඇඳ ඇතිරිලි පවිත්‍රව තබාගත යුතුය.

මෙය අන් අයට බෝවන රෝගයක් නොවේ. එනිසා රෝගියාගේ සමීපතයන් රෝගියා සමග ගැවසීමට බියවිය යුතු නැත. එනිසා රෝගියාගේ මානසිකත්වය සැහැල්ලුව තබාගැනීමට අවශ්‍ය පරිසරය සකස් කළ යුතුය. දිනකට සුවබර නින්දක් ලබාගැනීම කළ යුතුය.

චීන කටු ප්‍රතිකාර ක්‍රමයේදී පොතුකබර රෝගය සුවපත් කිරීම සඳහා විශේෂිත චීන කටු වර්ග භාවිතා කරනු ලබයි. එහිදී ඉතා සියුම් රන්, රිදී, තඹ කටු වර්ග භාවිතයෙන් හිස, කන් පෙති අග හටගත් පොතු කබර සුවපත් කිරීම කරනු ලබයි. ඊට අමතරව ශ්වසන ව්‍යායාමවලද යෙදවීම මගින් රෝගය ඉක්මනින් සුවපත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරනු ලැබේ.

වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 071-4299777 ඇමැතිය හැකිය.

පොතු කබර රෝගය සුවකරන චීන කටු ප්‍රතිකාර

කළුබෝවිල ද සිල්වා පාර, ජය සමගි මාවත කළුබෝවිල චීන කටු
වෛද්‍ය සායනයේ අධ්‍යක්‍ෂ සහ වෛකල්පිත ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලයේ
මාධ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment