අපේ ක්‍රීඩකයන් තුනක් සිටි MI Emirates ශූරතාවය දිනයි

345

කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්ෂ සහ වියස්කාන්ත් යන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නියෝජනය කළ MI Emirates කණ්ඩායම දෙවැනි වරට පැවැති International League T20 තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වූයේය.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා (17දා) පැවැති අවසන් මහා තරගයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජය කරමින් MI Emirates කණ්ඩායම එම ශූරතාවය දිනා ගත්තේය.

පළමුව පන්දුවට පහරදුන් MI Emirates පන්දු වාර 20 තුළදී කඩුලු තුනක් දැවී ලකුණු 208ක් වාර්තා කළ අතර කුසල් පෙරේරා පන්දු 26කින් ලකුණු 38ක් වාර්තා කළේය. දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දු වාර 20 තුළදී කඩුලු 07ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 163ක් පමණක් වූ අතර වියස්කාන්ත් පන්දු වාර හතරක් තුළදී ලකුණු 24කට කඩුලු 02ක් බිඳලීමට සමත් වූයේය. භානුක රාජපක්ෂට මෙම තරගයේදී පිතිහරඹයට පිවිසීමට අවස්ථාවක් ලැබුණේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment