ටිකට් අවසන්

74

ඇෆ්ගනිස්ථානය සමග අද පැවැත්වීමට නියමිත තරගය සහ අවසන් පන්දු වාර 20යි 20 ක්‍රිකට් තරගයේද ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අලෙවි වී අවසන්ව ඇති බැවින් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අරමුණින් ප්‍රවේශ පත්‍ර කවුළු වෙත පැමිණීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රේක්ෂකයන්ට දැනුම් දෙයි.

ඒ අනුව කොළඹ හා දඹුල්ලේ පිහිටි ප්‍රවේශ පත්‍ර කවුළු මේ වන විටත් වසා දැමීමට පියවර ගෙන ඇති බවත් ඔවුහු නිවේදනය කර සිටිති.

දෙරට අතර පැවැති පළමු පන්දු වාර 20යි 20 තරගය සඳහා වූ ප්‍රවේශ පත්‍ර ද දින කිහිපයකට පෙරම අලෙවි වී අවසන්ව තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment