බස්නාහිර පළාතේ විශේෂ පාසල් ක්‍රීඩා උළෙලින්

93

බස්නාහිර පළාත තුළ විශේෂ පාසල් සහ විශේෂ ළමා සංවර්ධන ඒකක තුළ සංවර්ධනය වන විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් වෙනුවෙන් ද්වී වාර්ෂිකව පැවැත්වෙන බස්නාහිර පළාත් විශේෂ අධ්‍යාපන ක්‍රීඩා උළෙල බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ප්‍රධාන කොමසාරිවරයාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස, ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පසු ගිය දා පැවැත්විණි. බස්නාහිර පළාතේ විශේෂ පාසල් 13, විශේෂ අධ්‍යාපන ළමා සංවර්ධන ඒකක 165 සහ අන්තර්කරණය වූ සිසුන් ඇතුළු විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් 1000ට අධික ප්‍රමාණයක සහභාගිත්වයෙන්, තරග ඉසව් 400ට ආසන්න ප්‍රමාණයක් මෙම ක්‍රීඩා උත්සවය තුළ පැවැත්විණි. පිළියන්දල අධ්‍යාපන කලාපය, මීගමුව අධ්‍යාපන කලාපය, කැලණිය අධ්‍යාපන කලාපය සහ හෝමාගම අධ්‍යාපන කලාපය ශූරතා සහ අනු ශූරතා හිමිකර ගත්තේය.

තරග ජයග්‍රහයකයන්ට සහතික පත් ප්‍රදානය කරන අවස්ථාවක් ඡායාරූපයේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment